About Us

ad_here

ස්වර්ණ පිච්ච

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 

“යහපත් ජීවන දර්ශනයක් ලෙසත් සාර්ථක වෛද්‍ය ශා‍ස්ත්‍රයක් ලෙසත් ලොව පුරා වෙසෙන සුවහසක් ජනතාවකගේ ඇගයීමට සහ නොමද ගෞරවයට පාත්‍ර වී තිබෙන ආයුර්වේදය තව දුරටත් ඔබවෙත  සමීප කරවීමට අප ඇප කැපවී සිටින්නෙමු.”

අපගේ අරමුණු;

  • ආයුර්වේදය නම් වූ සුවිශේෂි විෂයය ක්ෂේත්‍රයේ සංකීර්ණවූත් ගැඹුරුවූත් න්‍යායාත්මක කරුණු හැදෑරීමට සහ කියෑවීමට කැමති පාඨකයින් වෙත පහසුවෙන් තේරුම් ගත හැකි සරල බස් වහරක් උපයෝගී කර ගනිමින් එකී ආයුර්වේද දැනුම බෙදා දීමට අප උත්සහ කරන්නෙමු.
  • එසේම එදිනෙදා ජීවිතයේදී පුද්ගලයින් හට ඇතිවන්නාවූ විවිධ සෞඛ්‍යමය ගැටළු සදහා මෙන්ම වෙනත් එදිනෙදා සාමාජීය කටයුතු හා බැදුණු ගැටළු සදහාද ආයුර්වේද මූල ග්‍රන්ථ තුල ඇති විසදුම් සහ ප්‍රතිකර්‍ම මොනවාද යන්න අප සාකච්ඡා කරන්නෙමු.
  • කාලීන සෞඛ්‍යය හා සාමාජීය ගැටළු ආයුර්වේදීය දෘෂ්ටි කෝණයෙන් විමර්ශනය කිරීමටත්, ආයුර්වේද ප්‍රතිකාර පිළිබද උනන්දු වන්නන් සදහා මාර්ගෝපදේශකත්වය ලබා දීමටත්, පාඨක ඔබගේ යම් වෛද්‍ය ගැටළු වෙතොත් ඒවා සදහා ආයුර්වේද මතානූකූල නිවැරදි විසදුම් කඩිනමින් ලබා දීමටත් අප කටයුතු කරන්නෙමු.
  • ස්වභාවධර්මය හා සහසම්බන්ධ වූ විද්‍යාවක් ලෙස ආයුර්වේද වෛද්‍ය ක්‍රමය කෙරෙහි ලොව පුරා ජනතාව තුල සීග්‍ර ලෙස වර්ධනය වන්නාවූ ප්‍රබෝධයට හා උනන්දුවට සාපේක්ෂව තවමත් යම්කිසි පසුගාමී මට්ටමක පවතිත්නාවූ මෙරට ජනතාව තුලවූ ආයුර්වේදය පිළිබද නිවැරදී දැනුම වැඩිදියුණු කිරීම ආයුර්වේද ක්ෂේත්‍රයේ නිරතවන්නන් වශයෙන් අප කෙරෙහිවු මුඛ්‍ය වගකීමක් ලෙස දකින්නෙමු.
  • එලෙසම ජාත්‍යන්තරය හා සම්බන්ධ වී ලොවපුරා වෙසෙන ආයුර්වේද ප්‍රේමීන් හට නිවැරදි ආයුර්වේදය වඩාත් සමීප කරවීම සබුද්ධික අපගේ පරම බැදීමක් ලෙස අප උදක්ම විශ්වාස කරන්නෙමු.

ශාස්ත්‍රානූකූල ආයුර්වේදයම ඔබට ඉදිරිපත් කිරීම උදෙසා විද්වත් ආයුර්වේදඥ මඩුල්ලක් අප හා අත්වැල් බැදගෙන සිටින අතර ඔවුන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ දිනපතා අළුත් වන ලෝකයේ ආයුර්වේදයට හිමි නිවැරදි ස්ථානය තුල එය ස්ථානගත කිරීමට අප අධිෂ්ඨානශිලීව කටයුතු තරන්නෙමු.

වෙදැස අන්තර්ජාල අඩවිය තුල පළවන සියළුම ලිපි, වාර්ථා සහ අනෙකුත් තොරතුරු පිළිබදව අප කතෘ මණ්ඩලය පෙනී සිටින අතර ඒවායේ නිවැරදි හා සත්‍යභාවය වෙනුවෙන් වගවීමට කතෘ මණ්ඩලය බැදී සිටිති.

 ලේඛන කාර්යයේ දැනටමත් නිරතවී සිටින හෝ ලේඛන කාර්යයයේ යෙදීමට කැමති ඒ සදහා හැකියාවක් හා කැමැත්තක් ඇතැයි සිතන ඔබ හටද අප හා සම්බන්ධ‍ වෙමින් වෙදැස පෝෂණය කිරීමට අවස්ථාව ඇත. සංස්කාරක ඇමතීමෙන් හෝ ඔබගේ තොරතුරු ඇතුලත් ඊ-මේල් පණිවුඩයක් එවිමෙන් ඔබට එම අවස්ථාව උදාකර ගත හැක. එසේම වෙදැස වෙබ් අඩවියේ පළවන ඕනෑම කරුණක් සම්බන්ධයෙන් ඔබට ගැටළුවක් හෝ අපහැදිලිතාවයක් වෙතොත් ඒ පිළිබදව පිළිතුරු දිමටත් ඔබව නිවැරදි කිරීමටත් අප සැදී පැහැදී සිටින්නෙමු. අවසාන වශයෙන් අපගේ මෙම උත්සහය පිළිබදව ඔබගේ අදහස් යෝජනා හෝ චෝදනා වෙතොත් අප වෙත ඒවා දැන්වීමට සලස්වන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි!
සංස්කාරක            

Editor - Dr R.P.Rakkitha Sampath Bandusena
Contact Us
Email *
Name
Subject *
Message
captcha
Enter The Code *