Questions

ad_here

ස්වර්ණ පිච්ච

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
Q. is it true that below recipe aids in weight loss \”1 teaspoon of cinnamon powder and 1 table spoon of honey dissolved in one cup of water for 30 mins and to drink half in the morning empty stomach and the other half in the evening before going to bed\” is this ok? does this have any side effects. Please kindly answer me. thank you.-upamali( 2013-11-17 04:30:52) - 2014/06/02
Wedasa.
Basically pure Bee honey use for weight reducing treatment.
there is very simple recipe,
every morning drink bee honey mixed wormy water glass  before take the bed tea and breakfast.
one tea spoon bee honey add much worm water glass. follow this  2-3 months. you can see a good progress.
I cant say anything about your recipe. cinnamon has a ability to increase digestion. and also helpful for catabolism of adipose tissues.
But it is not recommended for long period.
So My advice is dont take a risk. try a simple thing.
thank you.
wedasa

FeedBack(11/27/13)

Dear Mr. Rakkitha,
Thank You very much for your kind advices. I will try the honey bee recipe. 
Q. Is there any treatment in Ayurveda for ITP Idiopathic thrombocytopenic purpura (ITP)-Manoj(2014-01-15 10:22:52) - 2014/06/02
Wedasa.

මෙහි පළවන්නේ වෙදැස වෙතින් පිලිතුරු අපේක්ෂාවෙන් අපගේ පාඨකයෙක් අප වෙත ඉදිරිපත් කර ඇති ගැටළුවකි. මේ ආකාරයෙන් අප වෙත ඉදිරිපත් කරනා ගැටළු වලට අප පුද්ගලිකව ඔවුනට සුදුසු පිළිතුරු සහ වෛද්‍ය උපදෙස් සහ සුදුසු වෛද්‍යවරුන් වෙත යොමුකිරීම් සිදුකිරීම ඔවුන්ගේ පුද්ගලින විද්‍යුත් ලිපිනයන් හරහා සිදු කරනු ලැබේ. (පුද්ගලිකත්වයට බාධාවන් විය හැකි යැයි සිතන හෝ එසේ ඉල්ලිමක් අප වෙතින් කර සිටින විට හැර අනෙක් සියළු පිලිතුරු අප මෙහි පලකරනුයේ එයින් යම් කිසි දැනුමක් අනෙක් පාඨකයින්ටද ලැබෙනා බැවිනි). ඔබගේ ගැටළු වලටද මේ සේවය ඔස්සේ පිලිතුරු ලබා ගැනිමේ හැකියාව ඇත. (මෙම ගැටළු අප ඉදිරිපත් කරනුයේ අප වෙත එන විවිධ පාඨක අවශ්‍යතාවයන් ගැන ඔබට දල අදහසක් ලබා ගැනීම සඳහාය.)

Q. මා සෙම් රෝගයෙන් පීඩා විදින කෙනෙක්ය. ම හට සෙම්ප්‍රතිශ්‍යා රෝගය වැලදෙන්නේ නොමැති නිසා සේම පිට වීමක් සිදු නොවේ . හිසේ බර ගතිය / අදික හිසේ කැක්කුම / අැස් දෙපසින් වේදනාව ඇති වේ. මේ රෝග සදහා සුදුසු වේද මහතෙකු ඇත්නම් විස්තර එවන මෙන් කාරුණිකව ඉල්ලාසිටිමි. කොලබ අවටින්නම් ගොඩාක් පහසුයි. ස්තුතියි. ගයාන්(2014-02-03 04:56:13) - 2014/06/02
Wedasa.

මෙහි පළවන්නේ වෙදැස වෙතින් පිලිතුරු අපේක්ෂාවෙන් අපගේ පාඨකයෙක් අප වෙත ඉදිරිපත් කර ඇති ගැටළුවකි. මේ ආකාරයෙන් අප වෙත ඉදිරිපත් කරනා ගැටළු වලට අප පුද්ගලිකව ඔවුනට සුදුසු පිළිතුරු සහ වෛද්‍ය උපදෙස් සහ සුදුසු වෛද්‍යවරුන් වෙත යොමුකිරීම් සිදුකිරීම ඔවුන්ගේ පුද්ගලින විද්‍යුත් ලිපිනයන් හරහා සිදු කරනු ලැබේ. (පුද්ගලිකත්වයට බාධාවන් විය හැකි යැයි සිතන හෝ එසේ ඉල්ලිමක් අප වෙතින් කර සිටින විට හැර අනෙක් සියළු පිලිතුරු අප මෙහි පලකරනුයේ එයින් යම් කිසි දැනුමක් අනෙක් පාඨකයින්ටද ලැබෙනා බැවිනි). ඔබගේ ගැටළු වලටද මේ සේවය ඔස්සේ පිලිතුරු ලබා ගැනිමේ හැකියාව ඇත. (මෙම ගැටළු අප ඉදිරිපත් කරනුයේ අප වෙත එන විවිධ පාඨක අවශ්‍යතාවයන් ගැන ඔබට දල අදහසක් ලබා ගැනීම සඳහාය.)

Q. මගේ ඇගිලි වල හා පයේ ඇගිලිවල සංදි ඉදිමේමේ රෝගයක් ඇත. මෙය විශේෂයෙන් උස්නාධික දිනවල දක්නට ඇත. නාන්නැතිව සිටියෝත් එය ඉතාම ඉක්මනින් වැඩිවේ. ඉදිමෙදි අධික වේදනාවක් හා උණ ගැනිමක් සිදුවේ. මේ සදහා ප්‍රතිකාර ගත්තත් සුව වි නොමැත. විටෙන් විට සැදේ. prageeth (2014-03-15 02:45:23) - 2014/06/02
Wedasa.

මෙහි පළවන්නේ වෙදැස වෙතින් පිලිතුරු අපේක්ෂාවෙන් අපගේ පාඨකයෙක් අප වෙත ඉදිරිපත් කර ඇති ගැටළුවකි. මේ ආකාරයෙන් අප වෙත ඉදිරිපත් කරනා ගැටළු වලට අප පුද්ගලිකව ඔවුනට සුදුසු පිළිතුරු සහ වෛද්‍ය උපදෙස් සහ සුදුසු වෛද්‍යවරුන් වෙත යොමුකිරීම් සිදුකිරීම ඔවුන්ගේ පුද්ගලින විද්‍යුත් ලිපිනයන් හරහා සිදු කරනු ලැබේ. (පුද්ගලිකත්වයට බාධාවන් විය හැකි යැයි සිතන හෝ එසේ ඉල්ලිමක් අප වෙතින් කර සිටින විට හැර අනෙක් සියළු පිලිතුරු අප මෙහි පලකරනුයේ එයින් යම් කිසි දැනුමක් අනෙක් පාඨකයින්ටද ලැබෙනා බැවිනි). ඔබගේ ගැටළු වලටද මේ සේවය ඔස්සේ පිලිතුරු ලබා ගැනිමේ හැකියාව ඇත. (මෙම ගැටළු අප ඉදිරිපත් කරනුයේ අප වෙත එන විවිධ පාඨක අවශ්‍යතාවයන් ගැන ඔබට දල අදහසක් ලබා ගැනීම සඳහාය.)

Q. කිරි උණ යනු කුමක්ද? - 2013/03/19
Wedasa.

මෙය බටහිර හඳුන්වන්නේ milk fever යන නාමයෙනි. කිරි දෙන මවුවරුන්ට හටගන්නා උණ රෝගී තත්ත්වයකි. මෙම තත්ත්වය මවගේ කිරි එරීම ආරම්භයත් සමගම මතුවේ. ආයුර්වේදයේ මෙය හඳුන්වන්නේ “ස්තන්‍යාගමෝත්ථජ්වර” යන නාමයෙනි. මේ පිළිබඳව ආයුර්වේද මූල ග්‍රන්ථ වල දක්වා ඇති විස්තර ඇසුරෙන් මෙම පැණයට පිළිතුරු සකස් කෙරී ඇත.

ප්‍රසුතිකාව හට ප්‍රසූතියෙන් පසුව තෙවැනි හෝ සිව්වැනි දිනයෙහිදී පයෝධරයන්හී කිරි පැවැත්ම සිදුවෙයි, හෙවත් කිරි එරීම සිදුවෙයි. මුලින්ම එරෙන කිරි මගින් කිරි ස්‍රාවය වන දුග්ධවාහි ස්‍රෝතස(කිරි නාල) අවරෝධ විමක් සිදුවේ. ඒ හේතුවෙන් පයෝධරන්ගේ තදබව(කිරි පිරීම නිසා මහත්වැ තදවී තිබීම) පිපාසය, හෘදස්පන්ධනය වේගවත්වීම, උදරය දෑලවර හා කඨි ප්‍රදේශයේ වේදනාව, ඇඟ මැඩීම, හිසරදය යන ලක්ෂණ පහල වන අතර මෙයට කිරි උණ යන්න බාවිතා වේ. මෙය කිරි ශුද්ධ වීමත් සමගම ක්‍රමයෙන් සුවපත් වන තත්ත්වයකි.

ප්‍රසූතිකාවට පළමුවෙන්ම පයෝධරයන්හී එරෙන කිරි සංශුද්ධිය අපේක්ෂා කරණ නියම කිරට වඩා ඝන පදාර්ථයක් හෙයින් දුග්ධවාහි ස්‍රෝතස අවරුද්ධ කිරීම පහසුවේ. (Colostrums නමින් බටහිර වෛද්‍ය විද්‍යාවෙහි හඳුන්වන්නේ මෙම සාන්ද්‍ර ද්‍රව පදාර්ථයයි.) ස්‍රෝතස් අවරෝධ කරන්නේ මෙම කිරි මගිනි. මෙම කිරි මෘදු විරේක ගුණයෙන් යුක්ත නිසා එය බීම මගින් බිළිඳාගේ අන්ත්‍රවල පරණ වූ මැලියම් වැනි කොළපාට ,muconium නැමැති ජන්ම මල පහව යයි. බිළිඳාට ඉතාම ගුණදායක මෙම කිරි කොටස මවගේ ශරීරයේ ජ්වර තත්ත්වයක් ඇති කලත් එමගින් දරුවාට ලැබෙන පෝෂණයත් එය මවගේ පයෝධර වලින් ඉවත් වීමත් සමගම මවට සහනයක් දැනීමත් සම්බන්ධ කල විට හැඟී යන්නේ ළදරුවාගේ පෝෂණය උදෙසා එම කිරි කොටස මව විසින් අපහසුවෙන් සිටියදී වුවත් අනිවාර්යයෙන්ම දීම කොතරම් වැදගත්ද යන කාරණයයි.

Q. මගේ හිසකෙස් යනවා මට ඒකට කරන්න ඕන පිලියමක් දැන ගන්න පුළුවන් ද? - 2012/11/29
Wedasa. සාමාන්‍යයෙන් සෑම තැනැත්තෙකුගේම දිනපතා හිසකෙස් සැලකිය යුතු ප්‍රමාණයක් ගැලවී යාම සිදුවන දෙයක්. එය වැලැක්වීම නොහැකියි.එසේම පරම්පරා සාධකය මතත් හිසකෙස් ගැලවී යාම වැලැක්වීම අපහසුයි. පළමු පරම්පරාවේ පියාගේ තට්ටය පෑදීම සිදුවී ඇත්නම් දෙවන පරම්පරාවේ දරුවන්ගේද ඉක්මනින් තට්ටය පැදීම සිදුවිය හැකියි. නමුත් අසාමාන්‍ය ලෙස හිස කෙස් ගැලවී යනවා නම් එය ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක්. එය ආයුර්වේදයේ හදුන්වන්නේ අකාල පාලිත්‍යය කියලයි. මෙහිදි හිසට පෝෂණිය තෙලක් දැමීමට පුරුදු වියහැකතිනම් මදක් මෙය පාළනය කර ගත හැකියි. තවද විටමින් හා යකඩ බහුල ආහාර වර්ග ගැනීමට වගබලා ගත යුතුයි. පෝෂණ ඌණතා නිසාද හිසකෙස් ගැලවී යයි. තයිරෝයිඩ් හොමොන වල විකෘතිතා, හිසේ අපිරිසිදු කම, විවිධ ඖෂධ හා ප්‍රතිකාර නිසාද හිසකෙස් ගුලවී යාම වැඩිපුර සිදුවිය හැකියි. එසේම දැඩි මානසික ආතතිය නිසාද හිසකෙස් ගැලවි යා හැකියි. කෙසේ වෙතත් මේ සදහා සංවෘත ප්‍රතිකාරයක් සිදුකල යුතුයි. එහිදි අභ්‍යන්තර ඖෂධ හා බාහිර ආලේපන තෙල් වර්ග හා හිස සේදීමට ඖෂධීය දියර වර්ග භාවිතා කල යුතුයි. මේ සදහා විශේෂ සායනයක් නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතන රෝහලේ පැවැත්වෙනවා. එමගින් ඔබගේ හිස කෙස් ගැලවී යාම ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක්ද යන්න නිවැරදිව තක්සේරු කොට ප්‍රතිකාර ලබා ගත හැකියි.

එම සායනයට සහභාගි වීමේ අපහසුතාවයක් තිබේ නම් අප වෙත දැනුම් දෙන්න. එවිට අප ඔබට පාවිච්චි කිරීමට සුදුසු අභ්‍යන්තර ඖෂධ සහ බාහිර ඖෂධ වර්ග දැනුම් දීම සිදු කරන්නම්, නැතිනම් ඔබට ලැබීමට හෝ සැලැස්විය හැකියි.

Q. How to lose extra fat in our body? - 2012/11/29
Wedasa. First of all you should check your BMI. If it is showed your weight height ratio within the obese category, you can start the treatments. Otherwise there is nothing to panic about fat. Ayurveda has well organized adipose tissues (fat) catabolic mechanism itself. It is compound from various internal and external medicines and treatments. As well as you should have to follow up ayurvedic diet chart.

That is not a difficult and hard process. If you want to carry out please inform it. Then we can make a good and balance treatment plane for you.

Q. අකලට හිසකෙස් ගැලවී යනවාට කරන්නේ මොනවාද? -යසස් - 2012/06/21
Wedasa.

සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුගේ දිනකට සැලකිය යුතු ප්‍රමාණයක් හිසකෙස් ගැලවී යනවා. ඒක ස්වාභාවිකයි.එවැනි තත්ත්වයකට කියන්නේ අකලට හිසකෙස් වැටීම කියලා නෙමෙයි. ආයුර්වේදයේ සදහන් වෙනවා 'අකාල පාලිත්‍යය' කියලා තත්ත්වයක්. ඒකෙදි නම් වෙන්නේ අස්වාභාවික ලෙස බහුල ‍ලෙස හිසකෙස් ගැලවෙන එකයි.ඒක තීරණය කරන්න පුළුවන් වෛද්‍යවරයෙකුට තමයි. එහෙම නැතිනම් ජානමය හේතුන් නිසාත් තරුණ වයසේදීම හිසකෙස් යාම හෝ තට්ටය පෑදීම වෙන්න පුළුවන්. ශරීරයේ උෂ්ණ ස්වභාවයක් ගන්නවානම් හිස කෙස් වැටීම වැඩියෙන් වෙන්න පුළුවන්. ඒනිසා සිරුර සිසිල් කරණ ඖෂධ හා ආහාර වර්ග වලට පුරුදු වෙන්න. හිස සිසිල් කරන තෙලක් හිසට දැමීමට පුරුදු වෙන්න. ඖෂධ හා තෙල් වර්ග තීරණය කිරීම සදහා රෝගීයා පරික්ෂා කරන්න අවශ්‍යයි. ඔබට නාවින්න ආයුර්වේද පර්යේෂණායතනයට ගියෝත් අකාල පාලිත්‍යය සායනයෙන්ම ප්‍රතිකාර ගන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් ඒ තොරතුරු අපට සපයා දෙන්න පුළුවන්. ස්තූතියි!

Q. පිළිකාහාරක ගුණයක් කටුපිල වල තිබේද? - 2012/06/21
Wedasa. ඔව්. විවිධ අවස්ථා වල සිටිනා පිළිකා රෝගීන්ට කටුපිළ තැම්බූ වතුර පානයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබේ. නමුත් එය තවම සම්පූර්ණයෙන්ම සියළුම පිළිකා රෝග තත්ත්වයන් සදහා සාර්ථක ප්‍රතිකාරයක් ලෙස සොයා ගෙන නැති බව කිව යුතුය.
Q. ඩෙංගු රෝගීන්ට ගස්ලබු දළු යුෂ දීම සුදුසුද? - 2012/06/20
Wedasa.

ඩෙංගු රෝගයේදී ශරීරයේ ඇති රුධිර පට්ටිකා ප්‍රමාණය සිග්‍රයෙන් අඩුවීම සිදු වෙයි. මෙය වලක්වා ගැනීමට දියහැකි නිශ්චිත බටහිර ඖෂධයක් තවම නිපදවා නැහැ. නමුදු දැන් බොහෝ දෙනා ගස්ලබු දළු යුෂ මෙවැනි රෝගීන්ට දීමට පෙළඹි සිටිනවා. එයින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන අවස්ථා දකින්න පුළුවන්. එම නිසා මෙහි වරදක් ඇත්තෙ නැහැ. එහෙත් ඒවා දීමේදි සැලකිළිමත් විය යුතු කරුණු තියෙනවා. මාත්‍රාව වඩාත් වැදගත්. ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් අධිමාත්‍රාවෙන් මේවා දිම රෝගියාට පසුවට වෙනත් අබාධ ඇතිවීමට හේතුවක් වෙන්න පුළුවන්. එසේම නිසි වෛද්‍ය පරික්ෂණ වලට භාජනය නොවෙමින් මේවා දිගු කාලයක් දීමත් සුදුසු නැහැ. එනිසා සුදුසුම දේ තමයි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ සහය ඇතිව මෙම ගස්ලබු යුෂ ප්‍රතිකාරය ලබා දීම.

Question *
Email *
Name
captcha
Enter The Code *
... ගැටළුවක් ඇතිවන්නේ යම් මොහොතකද වහාම එම ගැටළුවට පිළිතුරුද සොයා ගැනීමට උත්සහ කිරීම පරිපූර්ණ අවබෝධයකට අත්‍යාවශ්‍යය. නිවැරදි හා පරිපූර්ණ අවබෝධයකට ගැටළුකාරි, සැකමුසු තැන් සහිත දැනුම බාධාවකි. අපගේ කැමැත්ත වන්නේද අපගේ පාඨකයින් ගැටළු හෝ සැකමුසු තැන් වලින් මිදුණු උගත් බුද්ධිමත් පාඨකයන් විමයි. විචාරශිලී තැනැත්තාට බොහෝ දේ පහසුවෙන්ම තේරුම් ගැනිමේ හැකියාව ලැබේ. විශේෂයෙන් මිනිසාගේ ‍ජීවිතයට සෘජුවම බලපාන සෞඛ්‍යය වැනි විෂයයක් සම්බන්ධයෙන් ගත් විට මොට වු අඩුපාඩු සහිත දැනුම අත්කර දෙන්නේ යහපත් ප්‍රතිඵලයක් නම් නොවේ. එ නිසා අප ඔබට ආරාධනා කරන්නේ ඔබට ඇතිවන ඕනෑම ගැටළුකාරී අවස්ථාවක අප හා සම්බන්ධ වි එම ගැටළු වලට නිවැරදි විසදුම ලබා ගන්නා ලෙසයි. මේ පිටුව වෙන් වන්නේ ඒ සදහායි. ( පෞද්ගලිකව පිළිතුරු අපේක්ෂා කරන ගැටළු සදහා හැර අනෙන් සියළුම ගැටළු සදහා පිළිතුරු මෙහි පළකරන්නේ වැඩි දෙනකු එයින් දැනුවත් වන බැවිනි.)
...