Related Links
Consultants
Subscribe with WEDASA
අර්ශස් රෝගය සඳහා පථ්‍යාපථ්‍ය
අද සමාජයේ ඉතා සුලබ එහෙත් බොහෝ අය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අකමැති රෝගී තත්වයක් වන අර්ශස් රෝගය උත්සන්න වීමට බලපාන ආහාර සහ විහරණයන්(ඇවතුම් පැවතුම්) සේම රෝගය පාලනයට හා සුවවීමට උදවු වන ආහාර සහ විහරණයන් පිළිබදව මෙහිදි සාකච්ඡා කරනු ලැබේ.
අර්ශස් රෝග පථ්‍ය
- විරේචනය(අපහසුවකින් තොරව මල පිටවීම)
- පුරාණ රත්හැල්,හැට දා හැල්, යව, කොල්ලු යන ධාන්‍ය වර්ගද
- තලගොයි,ඔටු,ඉදිඹු,ඉත්තෑ,මුව,එලු,වදුරු යන මස් වර්ගද
- පතෝල,මුගුණුවැන්න,සුදුලුණු,සාරණ,කිඩාරම් අල,තම්පලා,ඇඹුල් ඇඹිලිය,නස්නාරං,හීං එනසාල්,අරලු,මෝරු,වෙඩරු,තිප්පිලි,ඉගුරු,ගම්බිරිස්,නෙල්ලි,දිවුල්, ඉදුනු බෙලි යන එළවලු හා පලතුරු වර්ගද
- ඔටුවන්ගේ මුත්‍රා,ගව මුත්‍රා,එලු මුත්‍රා,ගිතෙල්,එලකිරි යන ද්‍රව වර්ගද සුදුසුය.
අර්ශස් රෝග අපථ්‍ය
- මලමුත්‍ර වේග ධාරණය, මෙවුන්දම් සේවනය, තද රලු පෘෂ්ඨ මත බොහෝ වේල වාඩිවි සිටිම හා ගමන් කිරීම, උක්කුටුව සිටිම, අව්වේ සිටිම යන විහරණයන්ද
- අධික ජල පානය, වමනය කිරීම, වස්ති යෙදීම සහ අන්‍යොන්‍ය විරුද්ධ ආහාර වර්ග ගැනීමද
- තෙත් දේශගුණයක් සහිත පරිසර වල ජීවත් වන සත්ත්වයින්ගේ මාංශ සහ මාලු වර්ගද
- දීකිරි, පිෂ්ඨ ආහාර, උඳු, උණ ගොබ, අවර, දියලබු,බෙලි ගැට මදය, නිවිති, ඉදුනු අඹ, නෙලුම් අල වැනි ආහාරද බඩ පිපිම ඇති කරවන හා බර ආහාරද අහිතකරය.