මිනිස් සිරුරේ ධමනි තුල ගලායන රුධිරයෙහි සාමාන්‍යයෙන් තිබිය යුතු පිඩන අගයන් ඉහල යෑම අධි රුධිර පිඩනය ලෙස හැදින්වේ. එනම් හෘද මාංශපේෂින් සංකෝචනය වන අවස්ථාවේදී ධමනි තුල තිබිය යුතු පීඩන අගය සහ හෘද මාංශපේෂින් ඉහිල් වන අවස්ථාවේදී තිබිය යුතු පීඩන අගයන් හේතුවක් රහිතව ඉහල යෑමයි.
ආයුර්වේද මතානුකූලව වැරදි ආහාර සහ විහරණ හේතු නිසා එක් රැස් වන නොදිරවු ආහාර “ආම” කොටස් ලෙස ශරීරයේ ප්‍රධාන දෝෂ(වාත පිත්ත සහ කඵ) සහ සප්ත ධාතුන් දූෂණය කොට එම අපවිත්‍ර කොටස් රුධිර නාල වල තැන්පත් වී අධි රුධිර පීඩනය ඇති විමට පරිසරය නිර්මාණය කරයි.
සාමාන්‍ය රුධිර පීඩනය….
ශරීරය පුරා දිවයන රුධිරය විවිධ ඉන්ද්‍රියන් වලට බෙදා හරින්නේ හෘදය මගිනි. මේ සඳහා හදවතට අවශ්‍ය පීඩනය, රුධිර පීඩනය නමින් හැදින්වේ. එහි සාමාන්‍ය අගයන් වන්නේ…..
• හෘද මාංශ පේෂින් සංකොචනය වන අවස්ථාවේ 100/140 mmHg
• හෘද මාංශ පේෂින් ඉහිල් වන අවස්ථවේ 60/90 mmHg
අධි රුධිර පිඩනය ඇතිවන ආකාර දෙකකි….
- ප්‍රාථමික අධිරුධිර පිඩනය – වෙනත් රෝගයක සම්බන්ධයක් නොමැතිව ඇතිවේ.
- ද්විතියික අධිරුධිර පිඩනය – වෙනත් රෝගයක ලක්ෂණයක් හෝ උපද්‍රවයක් වශයෙන් ඇති වේ.
ප්‍රාථමික රුධිර පිඩනය ඇතිවීමට හේතු
- වැරදි ආහාර රටාව
- වැරදි ජීවන පැවතුම්
- ව්‍යායාම නොමැතිකම
- මවුපිය බීජ දෝෂ(ජානමය හේතු)
- මානසික ආතතිය
පොදුවේ වැරදි ආහාර රටාව, වැරදි ජීවන පැවතුම් නිවැරදි කර ගැනීමෙන් අධිරුධිර පීඩනය මෙන්ම තවත් බොහෝ රෝග වලින් ආරක්ෂා විය හැකිය.
වැරදි ආහාර රටාව
- අධික ලුණු භාවිතය
- තෙල් සහ මේදය අධික ආහාර භාවිතය
- කෘතිම රසායනික, වර්ණකාරක, සුගන්ධකාරක යෙදු ආහාර භාවිතය
- රාත්‍රියට දිරවීමට අපහසු බර ආහාර ගැනිම
- වාත කොප කරන ආහාර නිතර භාවිතය
- රක්ත දුෂණය සිදු කෙරෙන ආහාර භාවිතය(උදා :- අන්නාසි, අච්චාරු, ඉස්සෝ, දැල්ලෝ)
- පමණ ඉක්මවා ආහාර ගැනිම
වැරදි ජීවන පැවතුම්
- දහවල් නිදිම
- රාත්‍රි ආහාර ගත් විගස නින්දට යාම
- දවසේ වැඩි කාලයක් එකම තැනක වාඩිවි සිටිම
- නිතර රාත්‍රි නිදි වැරිම
- කය නොවෙහෙසවීම
- මත්පැන් හා දුම් පානය
ද්විතියික අධිරුධිර පිඩනය ඇති විමට හේතු
- වකුගඩු රෝග
- තයිරොයිඩ්, පැරා තයිරොයිඩ් වැනි අන්තර්සර්ග ග්‍රන්ථී ආශ්‍රිත රෝග
- තාරබාරුව
- ගර්භණිභාවය
- ඇතැම් ඖෂධ වර්ග දිගුකාලින භාවිතය
ඇති විය හැකි පොදු ලක්ෂණ
බොහෝ දෙනෙකුට රෝග ලක්ෂණ නොදැනුනත් පහත ලක්ෂණ ඇතිවිය හැකිය.
- ක්ලාන්තය
- හිසරදය
- හිසබර බව
- වමනය/ඔක්කාරය
- කර්ණ ශබ්ද ඇතිවිම
- ඇවිදිමේදි වැටෙන්නට යන ගතිය දැනිම
අධි රුධිර පීඩනය නිසා ඇති විය හැකි අවධානම් තත්ත්වය
- ආඝාතය(පක්ෂාඝාත)
- හෘදයාබාධ
- වකුගඩු අකර්මන්‍ය වීම
- අක්ෂිගත ආබාධ තත්ත්ව
වලක්වා ගැනිම සහ පාලනය
ඕනෑම නිරෝගි යැයි සිතන පුද්ගලයෙකු වුවත් වයස 40 ඉක්මවු විට මාස 3-4 කට වරක් වෛද්‍යවරයෙකු මගින් රුධිර පිඩනය මැනගත යුතුය. තවද අධිරුධිර පීඩනය වලක්වා ගැනීමටත් පාලනයටත් පහත උපදෙස් පිළිපැදිම වැදගත්වේ.
- උසට සරිලන බරක් පවත්වා ගැනීම
- ලුණු භාවිතය අවම කර ගැනිම
- ප්‍රමාණවත් ව්‍යායාම හා යෝග අභ්‍යාස වල නිරත වීම
- ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම
- මත්පැන් දුම්වැටි මත්ද්‍රව්‍ය වලින් වැළකීම
- මේදය අධික ආහාර අවම කිරීම
- එළවලු, පළතුරු, පළාවර්ග සහ ධාන්‍ය ආහාර වැඩිපුර ගැනීම
- උණුකර නිවාගත් ජලය පානය කිරීම
- ක්ෂණික ආහාර කෘතිම වර්ණකාරක හා සුගන්ධකාරක යෙදු ආහාර භාවිතයෙන් වැලකීම
- දේශිය කුළුබඩු වර්ග ආහාර විසින් සඳහා යොදා ගැනීමඋදා :- සුදුළුණු, උළුහාල්, කරපිංචා, ගොරකා
- මානසික නිරවුල්බව