ආයුර්වේදයේ පැහැදිලිව දක්වා තියෙන්නේ ලෙඩ රෝග ඇතිවන්නේ සිරුරේ ඇති දේෂ තත්ත්වයන්ගේ විකෘතිතාවය නිසාය කියලයි. එම වාත, පිත්ත සහ කඵ කියන දෝෂ තත්ත්වයන්ගේ විකෘති වීමට බලපාන්නේ ආහාර විහරණ වල වෙනස් විම්ය. උදාහණයකට පොදුවේ පිත්දෝෂය කොප වෙන්නේ හෝ විකෘත වෙන්නේ පිත්තාදික ආහාර වැඩිපුර ආහාරයට ගත්විට සහ පිත කොපකර විහරන වල යෙදීම නිසායි. පිත්ත දෝෂයේ තියෙන උප ප්‍රභේද පහම එම පිත් දෝෂයේ විකෘතවීම නිසා විකෘත විමට පත්වෙනවා. පාචක පිත, රංජක පිත, සාධක පිත, ආපෝචක පිත සහ භ්‍රාජක පිත කියන පහම තම තමන්ගේ ස්ථාන වල සහ කාර්යයන්ගේ විකෘතතා ඇතිකරනවා මේ පිත් දෝෂයේ විකෘත වීම නිසා. පිත් දෝෂයේ ප්‍රභේද අතරින් සාධක පිත ක්‍රියාත්මක වන්නේ සහ කාර්යයන් වන්නේ බ්‍රහ්මහෘදය කියන තැන සිට මානසික ක්‍රියා පාලනයයි.
බ්‍රහ්මහෘදය යනු කුමක්ද?
“යත්පිත්ං හෘදයංසංස්ථිතං තස්මින් සාධකෝග්’නී රිති සංඥා; සෝභිප්‍රාර්ථිතමනෝරථ සාධන කෘද්‍රක්ත:” සුශ්‍රැත සුත්‍ර 21/12ඉහත ශ්ලෝක කොටස තුල හෘදය ලෙස දක්වන්නේ බ්‍රහ්මහෘදය යන්නටයි. බ්‍රහ්මහෘදය යනු ආයුර්වේදයට අනූව මනස පිහිටා තියෙන ස්ථානයයි. සිරස සහ තල්ල අතර ස්ථානයක එය පිහිටා තියෙන බවයි ආයුර්වේදයේ පිළිගැනීම. එය භෞතිකව දර්ශනය නොවුනත් මනස ක්‍රියාත්මක වන්නේ හිසේ යම් තැනක සිට බවයි පිළිගැනීමයි. භෞතිකවාදි වර්තමාන සමාජයේ බොහෝ විට හැඩ ගැසී තියෙන්නේ තමන්ට පෙනෙන ඇහෙන සහ දැනෙන දේ පමණක් සත්‍යය ලෙස පිළිගැනීමටයි. බුද්ධි මට්ටම අනූව මිනිසාට සංවේදී වන ප්‍රමාණය අනූව තමයි ඔවුන් යම් දෙයක සත්‍ය අසත්‍යබව වටහා ගන්නේ. ඒ නිසා තමන්ට සංවේදී නැති දේවල් පිළිගන්නට මිනිසා සුදානම් නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම අදත් හමුවෙනවා අසාමාන්‍ය ලෙස තම බුද්ධිය දියුණු කරපු ඒ වාගේම අන් අයට සංවේදී නොවන දේවල් සංවේදී වන පුද්ගලයන්. එවැනි පුද්ගලයන් අතීතයේදී ඉතා විශාල වශයෙන් සිටි බවට ඓතිහාසික සාක්ෂි ඇත. ආයුර්වේදය ගොඩ නැගෙන්නේත් එවැනි බුද්ධියෙන් උසස් පරිකල්පන හැකියාව දියුණු කරපු පෙරදිග ප්‍රාඥයින් අතිනුයි. ඔවුන් තමන්ගේ බුද්ධියෙන් දුටු දේවල් සහ ග්‍රහණය කර ගත් දේවල් තමයි ලේඛන ගත කර තියෙන්නේ. අප දැන් පරිශිලනය කරන්නෙත් ඒවා. නමුත් අපිට සමහර දේවල් ග්‍රහණය කර ගන්න සහ අවබෝධ කර ගන්න නොහැකි වන විට අප ඒවා සැක කරනවා. එසේ සැක කරන්නේ අපට ඒවා දකින්නට සහ තේරුම් ගැනීමට ප්‍රමාණවත් තරම් උසස් බුද්ධි මට්ටමක් නැති නිසයි. මෙම බ්‍රහ්ම හෘද සංකල්පටයත් එවැනි එකක් තමයි.
පිත් දෝෂයේ උප ප්‍රභේ්දයක් වන සාධක පිතේ කාර්යය තමයි මානසික ක්‍රියා නියාමනය කිරීම. නමුත් සාධක පිත කොප වීම නිසා එම මානසික ක්‍රියා නිසි පරිදි සිදු නොවී මානසික ව්‍යාකූලතා ඇතිවෙනවා. එයයි පිත්තජ උන්මාදයේදී සිදුවන්නේ. ඒ ආකාරයෙන්ම ප්‍රාන වාතයත් බොධක කඵත් වාතජ සහ කඵජ උන්මාද ඇතිකිරීමට බලපාන දෝෂ උප ප්‍රභේද වෙනවා. එනිසා මෙම උන්මාද විශේෂ වලට ප්‍රතිකාර කල යුත්තේ මෙම දෝෂයන් ක්‍රියාත්මක වන මුලය සොයා ගෙන එම ස්ථාන වලටයි. පිත්තජ උන්මාදයේදී උෂණය සහ පිත ශමනය කිරීමට හිසට පිත් සමන ප්‍රතිකාර ලබා දෙනවා. පිත් සමනයට හිසට කරන විවිධ ප්‍රතිකාර වර්ග රාශියක් ආයුර්වේදය තුල වගේම දේශිය මානස රෝග චිකිත්සාවේ දැක්වෙනවා
උදාහරණයකට මත්ද්‍රව්‍ය සේවනය ගන්නකෝ…..
මද්‍යසාර වල තියෙන ගුණ 10ක් ආයුර්වේදයේ දක්වා තියෙනවා. ඇත්තටම ගුණ කියන වචනය සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ හොද කියන එකටනේ. නමුත් ඇත්තටම ගුණ කියන වචනයේ අර්ථය වෙන්නේ යමක ඇති ක්‍රියාවන්/හැකියාවන් හැඟවීමටයි. මද්‍යසාර වල ඇති යැයි දක්වා ඇති එම ක්‍රියාවන් නැතිනම් හැකියාවන් දහය ඇත්තමට ශරීරයට අහිතකර ඒවයි. ඕජස වල ගුණ වලට සම්පූර්ණයෙන්ම පටහැනි විරුද්ධ ගුණ තමයි මෙම මද්‍යසාර වල තියෙන්නේ. මත්ද්‍රව්‍ය ගන්න, ඒක සමහර මිනිස්සුන්ගේ විහරණයක් නැතිනම් චර්යාවක් කියලා කියන්න පුළුවන්. ඒකෙන් වෙන පලවිපාක ආයුර්වේදයේ දක්වා තියෙනවා. ඒකෙන් මිදෙන්න ඕනේ විදිහත් එහි දක්වා තියෙනවා. ගන්නවා නම් ගන්න ඕනේ විදිහත් ඒකේ දක්වා තියෙනවා. මත්ද්‍රව්‍ය ගන්න එපා කියන එක ආයුර්වේදයේ කාර්යයක් නෙමෙයි. මධාර්ත අධ්‍යායයේ ආයුර්වේද ක්‍රමයට ගන්න එපා කියලා නැහැ. ප්‍රමාණ පවා දක්වා තියෙනවා. නමුත් වැරදි ආකාරයට ගන්න එපා කියලයි කියලා තියෙන්නේ. විශේෂයෙන් කියන්න අවශ්‍යයි කවුරුවත් වැරදි විදිහට තේරුම් ගන්න නරකයි මේ කියන්නේ අද තියෙනා ආකාරයේ මත්ද්‍රව්‍ය ගැන කියලා. අද තියෙන මත්ද්‍රව්‍ය කිසිම ආකාරයකින් අනුමත කරන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒවා තනිකරම විෂ. විෂජ උන්මාදය ඇතිකරන්න හේතු වන දෙයක් තමයි වර්තමාන මත්ද්‍රව්‍ය කියලා තියෙන්නේ. විෂජ උන්මාදය ගත්තොත් ඒවායේදී විෂ වල තියෙන අගුණ තියෙනවානේ. ඕජස පුච්චන එක තමයි කරන්නේ. ඖජස්ධාතුවේ තියෙනවා ගුණ දහයක්. ඒවායෙන් විපරීත ගුණ වලින් මැඩපවත්වනවා. එතකොට එතැනදී මොකද වෙන්නේ එතකොට ධාතු ක්ෂය වෙනවානේ. ධාතු ක්ෂය වීම වෙන්නේ වාත කෝප වීම නිසයි. වාත කොපය නිසා ත්‍රිදෝෂයේ සමබරතාවය නැති වෙනවා. ඊට අමතරව තර්පණ සෙම වියලවනවා. ඒවා වර්තමානයේ තියෙන මානසික ප්‍රශ්ණ සමග හරිම සමීපයි. ඒවා විග්‍රහ කරන්න පුළුවන්. ආයුර්වේද මානස රෝග කියන විෂයයට ශාස්ත්‍රිය විකාශනයක් තියෙනවා. අපිට එය විග්‍රහ කරන්න පුළුවන්. ත්‍රිදෝෂවාදය ගැන දන්නවා නම් එය කරන්න පුළුවන්.
ආහාර ගන්න මාත්‍රාව, ඒ කියන්නේ හීන මාත්‍රාවෙන් ගන්නවාද, අතියෝගයෙන් ගන්නවාද, මිත්‍යා යොගයෙන් ගන්නවාද කියන එක වැදගත්. තිබුණ පලියට කන්න එපා කියලා නේද තියෙන්නේ. වැඩිපුර කෑම නිසා වාත කොපයට හේතු වෙනවා. යම් කිසි ඉඩක් තියාගෙන කන්න කියලය කියලා තියෙන්නේ. අන්න ඒක තමයි එතැනදි ගන්න තියෙන ආයුර්වේදීය උපදේශනය වන්නේ. එවැනි තැන් පැහැදිලි කර දිමට තමයි ආයුර්වේදිය උපදේශණයේදි කටයුතු කරන්නේ. මානසික රෝග සමග ආයුර්වේද උපදේශනය හරිම සමීප වන්නේ මේවැනි දේවල් ආයුර්වෙද්යේ අන්තර්ගත නිසයි. නවීන ආකෘතියත් තබාගෙන ආයුර්වේදය අනූව උපදේශනය කල හැකියි. උපදේශනය කියන එක නවීන විෂය ආයුර්වේදය ඒ තුලින් භාවිතා කල හැකි කියන එක පැහැදිලිව පෙනෙන්නට තියෙන දෙයකි. මාධවයේ තියෙන මානස රොග අතර මානස දුක්ඛජ උන්මාද කියලා රෝග අවස්ථාව දක්වා තියෙනවා. එතැන ප්‍රතිකාරයේ දක්වා තියෙනවා “අස්වැසීම” කියලා එකක්. නවීන උපදේශනයේ තියෙනවා “නිදහස් සංඝඨනය” (Free Association)කියලා. උපදේශන උපක්‍රමයක්. ඒ කියන්නේ අදාල තැනැත්තා සමග නිදහසේ නිකම් කථා කර කර සිටිනවා. එතකොට තමන්ගේ ගැටළුව එයා නිකම්ම ඒ තැනැත්තා විසින් උපදේශකයාට කියනවා. එතකොට මනසේ තියෙන යම් කිසි දෙයක් විරේක වෙනවා. ඒකට කියන්නේ psychotic Purgation කියලයි. තම සිතේ තියෙන දේ කියා ගන්න කෙනෙකේ නැතිව සිටිය කෙනාට ඒකට උදව් කරනවා. අර අස්වැසීමම තමයි මෙතැනදි සිදුවෙලා තියෙන්නේ. හැබැයි හැදින්වීම වෙනස්. වෙනම නමක් දිලා වෙනම උපක්‍රමයක් විදහට නවීන උපදේශනයේදී ඉදිරිපත් කරලා තියෙනවා.
ෆෝබියා ගැන
අනවශ්‍ය බිය/අහේතුක බිය තමයි ෆෝබියා කියන්නේ, මානසික රෝග උපදේශ ප්‍රතිකාර කරන කොට කරන්න කියලා තියෙන්නේ මොකක්ද? බය අරින්න කියලා තමයි කියලා තියෙන්නේ. විවිධ බය ආකාර තියෙනවා. කැරපොත්තන්ට බය තියෙනවා. වෙනත් කෘමීන්ට බය තියෙනවා. මේවා සිදුවන්නේ කුමක් හෝ මානසික පසුබිමක් සමගයි. චර්යාවාදී ප්‍රවේශ ප්‍රතිකාරයක් ගැන කථා කරන්නේ නවින උපදේශනයේ විතරක් නෙමෙයි ආයුර්වේදයේත් ඒ සංකල්පය තියෙනවා. ආයුර්වේද මුල ග්‍රන්ථ වල විවිධ ආකාරයේ බය වර්ග විස්තර කර ඇත. එසේම ඒවාට කලයුතු ප්‍රතිකාරද දක්වා ඇත. අස්වැසීම, බිය කිරීම වැනි ඒවා හොදින් පැහැදිලි කර ඇත. ආයුර්වේදයේ දක්වා තියෙනවා ඒ කාලයට සාපේක්ෂව රාජපුරුෂයන් ලවා බය කරවීම වැනි උපක්‍රම භාවිතා කල යුතු බව. තමන්ට වඩා ප්‍රබල අයෙකුගේ සීමාව තුල තමයි දුර්වල අයෙකු ඉන්නේ. තමන්ට වඩා දුර්වල අයෙකු ඉදිරියේදී තමුන් ප්‍රබලයන් වෙනවා. එය තේරුම් ගෙන තමයි මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර කල යුත්තේ. මෙය වෛද්‍යවරයා විසින් නිසි පරිදි ගලපා ගත යුතු බව ආයුර්වේදයේ දක්වා තිබේ.
වැදගත් කරුණක් තමයි උමතු රෝග/උන්මාද රෝග වල නිර්වචනයක් ඉදිරිපත් කර තිබිම. ඊට මෙහා තියෙනවා සියළුම මානසික ව්‍යාදීන් මානසික උන්මාද රෝග වල රෝග ලක්ෂණ නොමෙයි. පුර්ව රූප අවස්ථාවේදී පෙන්වන ලක්ෂණ ටිකක් තියෙනවා. පූර්ව රූප වල තියෙනවා යම්කිසි කාරණා ටිකක්. අන්න ඒවා බොහෝ දුරට සමානයි නවීන මානසික රෝග අවස්ථා වලදී කථා කරණ ඇන්සයිටි/Anxiety වගේ තත්ත්වයන්ට. එකම දම්වැලක පුරුක් වගේනේ මේක. පූර්ව රූප සහ රූපයි කියන්නේ පූර්ව රූප පෙන්නලා ටික දවසකින් ලෙඩ වෙනවා. ඒ වගේ තමයි බටහිර වෛද්‍ය ක්‍රමයේ ඇන්සයිටි තියෙන අයෙක් ප්‍රතිකාර නොකොලොත් පූර්න මානසික රෝගී තත්ත්වයට පත්වෙනවා කියලා තියෙන්නේ.
මානසික රෝග සම්ප්‍රාප්තියේ කියන්නේ……..
“කායික දෝෂ කුපිත වීම (ආහාර සහ විහරණ වල හේතු නිසා) හේතුවෙන් දූෂිත දෝෂයන් ඌර්ධව ගමන් කරලා සිරසට ඇවිල්ලා බ්‍රහ්ම හෘදය ආශ්‍රිත හිස විපතට පත් කරන අවස්ථාව උන්මාදය කියලයි.”
හිත/මනස ගත්තොත් ද්‍රව්‍යක් ලෙසයි ආයුර්වේදයේ සලකන්නේ. එතකොට මනස ද්‍රව්‍යක් වෙනකොට මනස ගොඩ නැගී ඇත්තේත් ද්‍රව්‍යමය කොටස් වන පංචමහා භුතාත්මක කොටස්වලින් කියන කරුණ තහවුරු වෙනවා. එතකොට එවැනි පංච මහා භූතාත්මක උපත්තියක් තියෙන ස්ථානයක ඇතිවන රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදීත් පංච මහා භූතාත්මක සම්භවයක් තියෙන ඖෂධ ද්‍රව්‍ය තමයි උපයෝගි කර ගත යුතු වන්නේ. එනිසයි මානසික රෝග සඳහාත් ඖෂධ ප්‍රතිකාර ආයුර්වේදයේ ලබා දෙන්නේ. මනසේ තියෙනවා ඊට අමතරව සත්ත්ව ගුණය, රජස් දෝෂය සහ තමස් දෝෂය කියන තුන. සත්ත්ව ගුණය නිර්මලයි කියලා තමයි පිළිගැනීම. ඒක වැහැල තියෙනවා රජස් සහ තමස් කියනා දොෂ දෙකෙන්. රජස් තමස් කියන්නේ ලෝභ ද්වේෂ සහ මෝහ කියනා ඒවායින් ඇතිවන ප්‍රතිඵල. එවායාන් තමයි මිනිසාගේ මනසට පහර දෙන්නේ. සත්ත්ව ගුණය දුර්වල කෙනා තමයි ආගන්තුක උන්මාදයට පහසුවෙනක් ගොදුරු වෙන්නේ. සත්ත්ව ගුණය දුර්වල කෙනො කියන්නේ පෞර්ෂත්වය දුර්වල කෙනාට. තමන්ගේ සමාජ සහ අන්‍යොන්‍ය සම්බන්ධතා වල සද්වභාවය දුරවල නම් ඒ අයට පහසුවෙන්ම ආගන්තුක උන්මාද ඇතිවන්න පුළුවන්. උදාහරණයකට අළුත් පරිසරයකට පුද්ගලයන් කණ්ඩායමක් මැදට නවකයෙක් පැමිණියහම සමහර නවකයන්ට එම තත්ත්වය පරිසරයට පිරිසට මුහුන දීමට නොහැකි වි මානසික ව්‍යාකූල අවස්ථා වලට පත්වීම සිදුවෙනවා. එසේ වෙන්නේ පෞර්ෂත්වය දුර්වල වීම නිසයි. පෞර්ෂත්වය වර්ධනය/සංවර්ධනය කර ගන්න පුළුවන් නම් මිනිස්සුන්ට එන ප්‍රශ්ණ වලින් සෑහේන පුමාණයකට සාර්ථකව මුහුණ දීමට හැකි වෙනවා. අනවශ්‍ය ලෙස බදා ගන්නේ නැතුව සිදුවීම් වලදි ඒවායේ ස්වභාවය අනූව අත්හැර දැමීම කය යුතු අවස්ථා වලදි අත්හැර දැමීමට හැකි මානසිකත්වය ගොඩ නගා ගත යුතුයි. එසේ නොකොටඕන දෙයයි එපා දෙයයි සියල්ලම රදවා ගත්තොත් තමයි අනවශ්‍ය මානසික ගැටළු ඇතිවෙන්නේ. එවැනි අසීමිත හැකියාවක් ශක්තියක් තියෙන අය තමයි ශාස්තෘන් වහන්සේලා වෙන්නේ. පෞර්ෂත්වය දියුණු නම් පහසුවෙන් දේවල් තොරා බේරා ගැනීමට හැකියාව ලැබෙනවා නම් ගොඩක් මානසික ගැටළු වලින් බේරී සිටිමට හැකි වෙනවා.
ආයුර්වේදයේ තියෙනවා කර්මජ රෝග කියලා කොටසක්. පිළිකා වැනි රෝග ඒ කොටසට දාන්න පුළුවන්. හැමෝටම හැදෙන්නෙත් නැහැනේ. කර්මජ හේතු නිසා තමයි ඒවා ඇතිවෙන්නේ. මේක සමග ආකාර තුනක අවස්ථා දක්වන්න පුළුවන්. කර්මජ, දෝෂජ සහ දෝෂ කර්මජ කියන තුන තමයි ඒ ආකාර තුන. දෝෂජ ඒවාට තමයි ඖෂධ ප්‍රතිකාර කරලා සුව කරන්න බලන්නේ. දෝෂ කර්මජ ඒවාට බෙහෙත් විතරක් දිලා මදි. කර්මය ගෙවිලා ඉවර වෙන්නත් ඕනේ. ඒකට බෝධි පුජා, විවිධ ශාන්ති කර්‍ම, දානමාන ආදිය කරන්න ඕනේ. සමහර වෙලාවට ජෝතිෂ්‍යයට අනූව විවිධ ක්‍රියාකරාකම් නිර්දේෂ කරනවා. ඒ ඒ ග්‍රහ බලපෑම් ඉවර වුනාට පස්සේ ලෙඩේ සුව වෙනවා. එතකම්, රෝගය සුව වෙන්නේ නැහැ. ඖෂධ වල ගුණ ලැබෙන්නේ නැහැ. බලි තොවිල් කරපලුවාහම සමහර ඒවා මග හැරිලා යනවා. පාරේ බැහැල යන්න බැරි විදිහේ ලෙඩ හැදෙන්නේ. ඒවා කර්මජ රෝග, ඒවා ඉතින් සුව කරන්නම බැහැ. ආදි බල ප්‍රවෘත්ති කියලා ආයුර්වේද නිදාන කොටස් වල දක්වලා තියෙන රෝග ඇතිවෙන මුලධර්මය පැත්තෙනුත් මෙම රෝග විග්‍රහ කරන්න පුළුවන්. අධ්‍යාපන උපදේශනය ගැන චරකයේ සඳහන් වෙනවා. “අධ්‍යයන විධි” කියන අධ්‍යයාය තුල. ඒකේ තියෙන බොහෝ කරුණු අධ්‍යාපනය සම්බන්ධ ගැටළු නිසා ඇතිවන මානස රෝග වලට උපදේශනයට යොදා ගන්න පුළුවන්. ඒවා බොහොම තාර්කිකයි. උදාහරණයකට රටේ බලවත් ප්‍රසිද්ධ තැනැත්තෙකුට විපතක් වුනොත් එම අවස්ථා වල පාඩම් කිරිමට නොයන ලෙස දක්වා තියෙනවා. ඒ කරුණ බලන්න . ඒක කොතරම් ප්‍රයෝගිකද කියලා. ඇත්තෙන්ම එහෙම අවස්ථා වල පාඩම් කරන්න බැහැනේ. මතක හිටින්නෙත් නැහැ. සිත එක අරමුණකට ගන්නත් බැහැ. මොකද ඒ කාලය තුල ඉන්නේ දැඩි ආතතියකින්නේ. පැරැන්නන්ගේ යම්කිසි සිමාවන් ඇතුව තමයි ආහාරපාන ගත්තේ, නමුත් දැන් අපේ එහෙම කිසිම සීමාවක් නැහැ. මාලු මස් එකට කනවා. මසුයි කිරියි එකට කනවා. මේවා විරුද්ධ ආහාර ලෙස දක්වලා තියෙන්නේ දෝෂ තත්ත්වයන් සලකලා බලලා තමයි. ඇත්තටම ගොඩක් ඒවාට ආයුර්වේදය තුලත් දේශිය දැනුම තුලත් විසඳුම් තියෙනවා. නමුත් ඒවා අන්ධ කරලා යට කරලා තියෙන්නේ. සමහර විට මේවා ගැන ඒ අයත් දන්නවා ඇති. නමුත් ඒවාට යොමු කරන්නේ නැතිව වලක්වලා තියෙනවා බටහිර විද්‍යාව විසින්. ඒත් ඒ අය දන්නවා ඒ අය නව විදිහකට ඒවා නැවත මෙහාට එවන්නත් පුළුවන් නවීන මතයක් ලෙස. පාරම්පරික වෙද මහත්තයා සහ හාමුදුරුවො තමයි ඉස්සර හැම දේම කියලා දුන්නා. ඒවා මිනිස්සු පිළිගත්තා. අවාසනාවකට දෑන් වෙද මහත්තුරු සැලකිය යුතු පිරිසකට එක හරියට කියලා දෙන්නේ දන්නේ නැහැ . සමහර අය ඒ ගැන හිතන්නේ වත් නැහැ.නමුත් මේ සියල්ලම සංකලනය වු විටයි නිවැරදි සහ සාර්ථක කායික හෝ වේවා මානසික හෝ වේවා චිකිත්සාවක් ඇති වන්නේ. මෙය වෛද්‍යවරුන් මෙන්ම රෝගින්ද අවධානයට ගත යුතු වැදගත් අංශයක් ලෙස දැක්විය හැකියි.
රටගිය පුද්ගලයින් සිටින පවුල් වලට විශේෂයෙන් මානසික ගැටලු තියෙන අය ඇතිවෙනවා. විශේෂයෙන් ළමයින්ගේ මානසික තත්ත්ව වලට මෙම පවුල් තත්ත්වයන් දැඩිව බලපානවා. රට ගියපු අයට බොහෝ විට සයිකෝසොමැටික්/PSYCHO-SOMATIC ලෙඩ හැදෙනවා. සොරයිසිස් වගේ ඒවා හැදෙනවා. කාලයක් රට සිටීම නිසා ප්‍රියයන්ගේන් වෙන්වී ජීවත් වීම නිසා අපේ ප්‍රකෘතියක් තියෙනවා එයට අපේ රට දේශගුණය සම්බන්ධයි. අපේ රටේ සංස්කෘතිය, චර්යාවන් සහ ආහාරපාන සමග සම්බන්ධයි. වසර ගණනක් එක රටාවකට පුරුදු වෙලා ඉඳලා එකපාරටම වෙන පරිසරයකට ගිහිල්ලා දැම්මහම ප්‍රකෘතියට එය තදින්ම බලපානවා. ඒ අනූව විවිධ මානසික සම්බන්ධයන් ඇති රෝග ඇතිවෙනවා. මේවා හදුනා ගැනිමට නිවැරදිව රෝගින් හා අදහස් හුවමාර් කර ගැනිම අත්‍යවශ්‍ය වෙනවා. ආයුර්වේදය තුල වැඩියෙන් රෝගින් සමග සිදුකරන සංවාදයට ඉඩක් වෙන් කරලා තියෙනවා.
මනසින් කලයුතු වැඩ කොටසක් තියෙනවා…..
චර්යාව වගේ ඒවා මනසින් පාලනය වන ක්‍රියාවන්. ඒවාට බලපෑම් කරන්න පුවවන් ත්‍රිදෝෂයටම, ප්‍රධානව වාත දෝෂයට. එයින් පුළුවන් ත්‍රිදෝෂයට ඉලක්ක කරලා පහර දෙන්න. “ වායු ස තන්ත්‍ර යන්ත්‍ර කරං…….” කියලා ශ්ලෝකයක සඳහන් වෙනවා. ස තන්ත්‍ර කියන්නේ විදානයක් මනස තමයි විධානය ලෙස ක්‍රියාත්මක වෙන්නේ, එය ක්‍රියාත්මක කරන්නේ වාතය හරහා. යන්ත්‍ර කියන්නේ පංචේන්ද්‍රිය ඇතුළු ඉන්ද්‍රිය පද්ධතිය. ඉතින් වාතයේ ක්‍රියාකාරිත්වය බලපානවා මෙහි නිසි ක්‍රියාකාරිත්වයට, දැන් මානසික ගැටළු තියෙන කොට තමයි, නින්ද යන්නේ නැත්තේ මලබද්ධය ඇතිවෙන්නේ, කෑම කන්න බැහැ, අම්ලපිත්ත ඇතිවෙන්නේ, අග්නි මාන්දය ඇතිවෙන්නේ, මේ සියල්ල සම්බන්ධයි පාචක පිත සමග පාචක පිත ක්‍රියාත්මක වන්නේ උදරයේ තමයි. නිදිමරනවා නම් ජීර්ණ ගැටළු තියෙනවා නම් නින්ද යන්නේ නැහැ එතකොට පිත කොප වෙනවා. මේ නිසා ආයෙත් මානසික විකෘතිතා ඇතිවෙනවා. ඒ නිසා මේක හොඳට සමබර කරගන්න ඕනේ. මේක සමබර කරන එක තමයි ප්‍රතිකාරය කියන්නේ. තර්පන සහ කර්ෂණ ප්‍රතිකාර මුලධර්මය තුලදි සිදුකරන්නේ ඒකයි. අඩු එක වැඩි කරන්නේත් වැඩි එක අඩු කරන්නත් තමයි තර්පණ සහ කර්ෂණ මුලධර්මය කථාකරන්නේ. එය තුලින් තමයි දෝෂ සමතාවයේ පවත්වා ගෙන යන්න පුළුවන් වෙන්නේ. දේශිය ආයුර්වේද මානස රෝග ප්‍රතිකාරයේ පදනම වන්නේ එයයි.