රෝහලක නාමයෙන් හැදින්වුවද ශ්‍රී ලංකාව තුල වෙන කිසිදු ස්ථානයකදි හමු නොවෙනා ආකාරයේ වටිනා ආයුර්වේද රෝහලක් ඔබ වෙත හඳුන්වා දීමට වෙදැස අප සුදානම් වන්නේ මෙවැනි විශේෂිත ආයුර්වේද ආයතන ගැන ආයුර්වේද ලැදි අප පාඨකයන් දැනුවත් කිරිම අයුර්වේදය වඩ වඩාත් ජනතාව අතරට ගෙන යාමේ අපේ මුඛ්‍ය පරමාර්ථයේම අත්‍යාවශ්‍ය කොටසක් ලෙස අප දකිනා බැවිනි. “රෝහල/ආරෝග්‍යශාලාව” යන වදනේ අරුතට සැබෑම වටිනාකමක් සපයා දෙන්නාවු මෙම රෝහල ලංකාවටම මෙවැනි වර්ගයෙන් ඇති එකම රෝහල බව සැකයකින් තොරවම පැවසිය හැකි රෝහලකි. අටුවා ටිකා ටිප්පනි නොමැතිව පවසන්නේ නම් බස්නාහිර පළාත් සභාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පාළනය වෙනු ලබන කිරිබත්ගොඩ රජයේ ආයුර්වේද පංචකර්ම රෝහල අප කථා කරනු ලබනා ඒ සුවිශේෂි රෝහලයි. දිවයින පුරා ව්‍යාප්ත වු රජයේ ආයුර්වේද රෝහල් ජාලයක් පවතියද එම සියළුම රෝහල් වල නැති සුවිශේෂි බවක් මෙම රෝහල තුලට ඔබ පිවිසෙන්නේ නම් අත් දැකිමට ලැබෙනු ඇත. රජයේ අනෙකුත් සෑම ආයුර්වේද රෝහලකම පංචකර්ම ප්‍රතිකාර සිදු කරනුයේ ප්‍රධාන ඖෂධ ප්‍රතිකාර වලට සහයක් ලබා දෙන සහප්රතිකාරයක් වශයෙනි. අප කථා කරනු ලබන මෙම රෝහලේ ඇති ප්‍රධානම වෙනස වන්නේ පංචකර්ම ප්‍රතිකාර සහප්රතිකාරයක් ලෙස නොව ප්‍රධාන ප්‍රතිකාරය ලෙස සිදුකරනු ලැබීමයි. පංචකර්ම ප්‍රතිකාර වලින් පමණක් රෝගි සත්කාර සේවය පවත්වා ගෙන යනු ලබනා රජයේ ප්‍රථම සහ එකම ආයුර්වේද රෝහල වන්නේ මෙම පමණක් බව පවසන්නේ එබැවිනි.
ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලකට පැමිනෙනවාය කියන හැඟීම විශේෂයෙන්ම, රජයේ රෝහලකට පැමිණිමට සිදුවිම රෝගි ජනතාවට කෙතරම් පිඩාකාරි අත්දැකිමක් වන්නේ දැයි සමාජයේ බොහෝ දෙනෙකු ප්රායෝගිකවම අත්දැක ඇතුවාට සැක නැත. සාම්ප්‍රදායික රෝහලක ඇති කලබලකාරි පරිසරයෙන් වෙනස්වූ නිරවුල් මානසිකත්වයකින් පැමිණ ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව සලසා ඇති ප්‍රිය ජනක ස්ථානයක් ලෙස මෙම රෝහල ගොඩ නඟා ඇත. එහිදි තමන් රෝගියෙක්ය, තමන් පැමිණ සිටින්නේ පිඩාකාරී රෝගයකට ප්‍රතිකාර ගැනීමටය වැනි වු සිත කරදරයට පත් කරනා හැඟිම් වලින් රෝගියා මුදවා තැබීමට උපකාරි වන පරිද්දෙන් රෝහල් පරිසරයත් කාර්යය මණ්ඩලයත් සැකසී ඇත. ආයතනය ගොඩනගා ඇති ආකාරය සහ රෝහල් වටපිටාව, වෛද්‍යවරුන් රෝගීන් පරික්ෂා කරන ආකාරය, සහයක කාර්යය මණ්ඩලය ප්‍රතිකාර ලබා දෙන ආකාරය හා අනෙකුත් සියළුම දේවල් වලින් මේ ස්ථානය තමන්ගේම ස්ථානයක්ය යන පැහැදීම රෝගින් තුල ඇති කිරිමට දැඩි වෙහෙසක් දරා ඇති අතර එය සාර්ථකද වී ඇත. රෝගීන්ට වෛද්‍යවරයා ඉදිරියේ විවෘතව තම රෝග තත්ත්වයන් ගැන සාකච්ඡා කිරීමට සහ නිරවුල් මනසකින් තම ප්‍රතිකාර වලට මුහුණ දීමට මෙම පසුබිම විශාල රුකුලක්ද වි ඇත.
රෝහලේ ඉතිහාසය සහ ආරම්භය
බස්නාහිර පළාත් සභාවේ නියමු ව්‍යාපෘතියක් ලෙස වර්ෂ 2006දි පමණ ආරම්භක පිරිවැය ලෙස රුපියල් මිලියන 1.25 ක් පමණ ආයෝජනය කර කැළණිය වෙදමුල්ල ප්‍රදේශයේ කුළි ගොඩනැගිල්ලක පළමු වරට මෙම රෝහල තම කටයුතු ආරම්භ කරන්නේ අභියෝගාත්මක ඉලක්කයක්ද සහිතවය. අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් මෙම ආයුර්වේද පංචකර්ම රෝහල් ව්‍යාපෘතිය වසර පහක පරික්ෂණ කාලයකදී රුපියල් මිලියන 8 ක් උපයා ගනිමින් ඉතා සාර්ථක ව්‍යාපෘතියක් බව පෙන්වා දිම තුලින් මෙය මහපොළවේ සැබැ ලෙසම ස්ථාපිත කල යුතු ව්‍යාපෘතියක් බවට සියල්ලන්ටම ඒත්තු ගන්වනු ලබයි. එම සාර්ථකත්වයත් සමගින් 2010 ඔක්තොබර් මස 21 දින මෙම ආයතනය වර්තමානයේ රෝහල ඇති ස්ථානය වන බස්නාහිර පළාත් සභාවටම අයත් කිරිබත්ගොඩ රජයේ රෝහල අසල භුමියේ ස්ථිර ගොඩනැගිලි සහිතව ඉදි කර ජනතා අයිතියට පත්කෙරේ. මෙම දෙවන අදියරට (ගොඩනැගිලි, උපකරණ සහ භෞතික සහ මානව සම්පත් සියල්ලම ඇතුළුව) මිලියන 75 ක පමණ ආයෝජනයක් පළාත් සභාව විසින් සිදු කර ඇත. වසර පහකදි ආයෝජිත මුදල ප්‍රතිපූරණය කර ගැනිමේ ඉලක්කය සහිතව සේවා කටයුතු ඇරඹෙන්නේ නේවාසික ප්‍රතිකාර ඒකකයක්ද එකතු කිරිමේ බලාපොරෝත්තුවද ඇතිවය. නමුත් නේවාසික ප්‍රතිකාර ඒකකය සම්පූර්ණ වි නොමැති පසුබිමක වුවද තම ඉලක්ක කරා ඉතා සාර්තකව පැමිණිමට මෙම රෝහල මේ වන විට සමත්ව ඇත්තේ රෝහල් කාර්යය මණ්ඩලයේ සාමුහික උත්සහයේ ප්‍රතිඵලයක් ලෙසය. නේවාසික ප්‍රතිකාර ඒකකය හැර සියළුම භෞතික සම්පත් (පංචකර්ම ප්‍රතිකාර ලබා දීම සඳහා තිබිය යුතු සියළුම වෛද්‍ය උපකරණ සහ ඖෂධ) වලින් මෙම රෝහල පරිපුර්ණත්වයට පත්ව ඇත. රෝහල සතුව පංචකර්ම ප්‍රතිකාර ලබාදීම සඳහාම විශේෂයෙන් පුහුණු වු පළපුරුදු දක්ෂ වෛද්‍ය සහ සහයක කාර්යය මණ්ඩලයක් ඇත. දක්ෂ ස්ථාන භාර වෛද්‍ය නිළධාරිනියක් යටතේ පාලනය වන කිරිබත්ගොඩ ආයුර්වේද පංචකර්ම රෝහල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විසි එක් වැනි සියවසේ දෙස් විදෙස් සේවාලාභින් සියල්ලන්ගේම ආකර්ශනයට බඳුන් වෙන පරිදි සැකසුනු එසේම පුද්ගලික වෛද්‍ය සේවා අයතන සමග තරඟයට ගැලපෙන පරිදි ගොඩනගා ඇති සුපිරි ආයුර්වේද රෝහලකි. ස්ථාන භාර ප්‍රධාන වෛද්‍ය නිළධාරිනිය ඇතුළුව වෛද්‍ය කාර්යය මණ්ඩලය 4 දෙනෙකුගේ සේවය මෙහිදි දිනපතා රෝගින්ට ලැබේ. සම්භාහකවරු පිරිමි සහ කාන්තා වශයෙන් 16 දෙනෙකු ඇතුළුව සමස්ථ කාර්ය මණ්ඩලය විසි පහකින් සමන්විතය. වෛද්‍ය කාර්යය මණ්ඩලය උපාධිධාරි ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් සමන්විත වන අතර ඔවුන් පංචකර්ම ප්‍රතිකාර අංශය තුල පශ්චාද් උපාධි මට්ටම් දක්වා ඉහලට තම දැණුම වර්ධනය කර ගෙන සිටිනා අය වෙති. ඊට අමතරව ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් දේශිය වෛද්‍ය ක්‍රම
පිළිබඳ ජාතික පුහුණු ආයතනයේ පංචකර්ම විෂය සම්බන්ධයෙන් පැවැත්වෙන විශේෂ පුහුණූ පාඨමාලාද ඉන්දියාව ජපානය වැනි රටවල විශ්වවිද්‍යාල තුලින් විවිධ පුහුණුවන්ද සාර්ථකව ලබා පැමිණ සිටින්නන්ය. සම්භාහකවරුන් ලෙස සම්බන්ධකර ගෙන ඇත්තේද දේශිය වෛද්‍යක්‍රම පිළිබඳ ජාතික පුහුණු ආයතනයේ සහ විදේශිය පුහුණුවන් සාර්ථකව නිමකර ඇති සම්බාහකවරුන්ය. මෙම ආයතනය තම මානව සම්පත මෙම ප්‍රතිකර ඉතා උසස් තත්ත්වයෙන් ලබා දිමට තරම් සුදුසු පිරිසකගෙන් සන්නද්ධ කර ඇති ආකාරය ආයතනයේ සාර්ථකත්වයට මනා පිටුබලයක් වි ඇත.
පංචකර්ම ප්‍රතිකාර නිසි පරිදි සිදුකරන්නේ නම් අධික මුල්‍ය සහ ශ්‍රම පිරිවැයක් ඒ සඳහා දැරීමට සිදුවන බව බොහෝ දෙනා නොදන්නවා විය හැක. විශේෂයෙන් රජයේ රෝහලක් ලෙස එවැනි පිරිවැයක් රජය පමණක් දරමින් පවත්වා ගෙන යෑම ඉතාම අසීරු කාර්යයකි. මෙම ආයතනයට රෝගීන්ගෙ ප්‍රතිකාර සඳහා වැයවෙන මුදලට සරිලන එහෙත් සාපේක්ෂව ඉතාම සාධාරණ අයකිරීමක් සිදුකිරිමට සිදුවි ඇත්තේ එබැවිනි. රජයේ සේවා ආයතනයක් ලෙස ලාභ ලැබිමේ අරමුණෙන් තොරව ප්‍රතිකාර සඳහා වන වියදම් පියවා ගැනීම සඳහා පමණක් අයකිරීම් සිදුකරන අතර අධික ලාබ ලැබීමේ පරමාර්ථ සහ වාණිජ අරමුණූ වලට නොගොස් කටයුතු කරන බව කිව යුතුය. රජයේ ආයතනයක් ලෙස මෙම සුවිශේෂි රෝහලට තම සේවා දායකයින් අද්දවා ගැනීමට වෙනම ප්‍රචාරණ කටයුතු සිදු කිරිමේ අවස්ථාවද නොමැති බැවින් ප්‍රතිකාර වල ගුණාත්මකබව තුලින් තම සේවා දායකයන්ගේ විශ්වාසය දිනා ගනිමින් ඔවුන් ආකර්ෂණය කර ගැනිමේ අති භාරධුර වගකීමක් කාර්යය මණ්ඩලය වෙතම පැවරි ඇත. පංචකර්ම ප්‍රතිකාර අංශය සමාජය තුල වඩාත් වැඩි වාණිජ ඉල්ලුමක් ඇති ප්‍රතිකාර අංශයක් බවට පත්ව ඇති පසුබිමක වෙනත් පුද්ගලික ආයතන සිදුකරන අතිවිශාල ප්‍රචාරණය හමුවේ මෙම ආයුර්වේද පංචකර්ම රෝහලට දැඩි තරඟයකටද මුහුණ දිමට සිදුව ඇත. එනමුත් එම තරඟයටද හොඳින් මුහුණ දි සාර්ථකව ක්ෂේත්රයේ රැඳි සිටිමට මෙම රෝහලට මේ වන විට හැකිවි ඇත. අධිකව මුදල් වියදම්කර සිදුකරන ප්‍රචාරයක් නොමැති පසුබිමක වුව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශිය ජාතිකයන්ගේ පවා පැමිණිම සිදුවිමෙන් රෝහලේ සාර්ථකත්වය හොදින්ම මැනගත හැකි අවස්ථාවක් සපයා දි ඇත. මෙසේ විදේශිකයන්ගේ පවා ආකර්ෂණයට මෙම ආයතනය බඳුන්වි ඇත්තේ මුදල් ගෙවා සිදුකරනු ලබන ප්‍රචාරණයක් නිසා නොව ප්‍රතිකාර ලබා ගැනීමට පැමිනෙන රෝගින් මගින්ම සිදුවන දැනුවත් වීම් හරහා වීම සාර්ථකත්වය වඩාත් ස්ථීර කරවන්නකි. ජර්මන්, ජපන් සහ රුසියානු වැනි ආයුර්වේදයට ලැදි ආයුර්වේදය හොදින් භාවිතා කරනා රටවලට අයත් සංචාරකයන් බහුල වශයෙන් ප්‍රතිකාර සඳහා මෙම රෝහලට පැමිණිම තුලින් මෙම ආයතනයේ සේවාවන්ගේ ඇති ගුණාත්මක බව පිළිබඳව දැනුවත් විදේශිකයන් පවා සැහිමකට පත්ව ඇති බවත් ප්‍රතිකාර උසස් මට්ටමෙන් සිදුවන බවටත් කදිම සාක්ෂි සපයයි.
මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගත හැකි රෝහලක් වුව ප්‍රතිකාර පතා පැමිනෙන සියළුම රෝගින් පංචකර්ම ප්‍රතිකාර සඳහා යොමු කරන්නේ වෛද්‍යවරුන්ගේ පුර්ණ පරික්ෂාවකට භාජනය කිරීමෙන් අනතුරුවයි.රෝගින්ගේ සහ රෝග අවස්ථාවල තත්ත්වය සහ ස්වභාවය අනූව විශේෂිත රෝගීන්ට පළමුව ශමන ප්‍රතිකාර/ ඖෂධීය ප්‍රතිකාර ලබා දිමට අවශ්‍ය වන්නේ නම් එම ඖෂධ ලබා දිමක් සිදු කෙරේ පංචකර්ම ප්‍රතිකාර වල ගුණාත්මකබව රැක ගැනීම සඳහාය. විශේෂිත රෝගීන් පංචකර්ම ප්‍රතිකාර වලට යොමු කරන්නේ එලෙස ශමන ප්‍රතිකාර වලින් රෝගියා සුදානම් කර ගැනීමෙන් අනතුරුවය. ශමන ප්‍රතිකාර ලබා දිය යුතු රෝගින් හැර ප්‍රතිකාර පතා පැමිණෙන සෙසු සියළුම රෝගින් සෘජුවම පංචකර්ම ප්‍රතිකාර වලට යොමු කරන්නේ වෛද්‍යවරුන් විසින් සුදුසු පංචකර්ම ප්‍රතිකාර තීරණය කිරීමෙන් අනතුරුවය. රට පුරා පුද්ගලික පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථාන බොහෝමයක් ඇති මුත් ඒවායේ සිදුවන්නේ පංචකර්ම ප්‍රතිකාර මුවාවෙන් පුර්ව කර්ම කිහිපයක් හෝ වෙනත් අනීතික ක්‍රියා පමණක් සිදුකර රෝගින්ගෙන් අසාධාරණ ලෙස මුදල් ගරා ගැනිමේ කටයුත්තකි. වගකිව යුතු රජයේ රෝහලක් ලෙස එසේ පුර්ව කර්ම කිහිපයකට පමණක් සිමා නොවී ප්‍රධාන පංචකර්ම ප්‍රතිකාරත් පශ්චාත්කර්මත් සිදුකිරීමට වෛද්‍ය කාර්යය මණ්ඩලය සැමවිටම වගබලා ගන්නේ නිවැරදිව සම්පූර්ණ ප්‍රතිකාරය සිදු කිරීමෙන් තොරව සාර්ථක ප්‍රතිඵල ලබා ගත නොහැකි නිසාවෙනි.
පංචකර්ම ප්‍රතිකාර බෝ නොවන රෝග සඳහා…………
වර්තමාන ලෝකයේ ප්‍රභලතම සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බෝනොවන රෝග (Non communicable Diseases) සඳහා සාර්ථක ප්‍රතිඵල පංචකර්ම ප්‍රතිකාර තුලින් ලබා දිය හැකි බව ප්‍රායෝගිකව පෙන්වා දෙන්නා වු රෝහලක් ලෙස මෙම රෝහල හඳුන්වා දිය හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධාන සංඛ්‍යාලේඛන දත්ත වලට අනූව ලෝක ජනගහනයෙන් හරි අඩක්ම කුමක් හෝ බෝනොවන රෝගයකින් පෙළෙන බව වාර්ථා කර ඇත. එය මාරාන්තික රෝගයක් විය හැකියි, නැතිනම් දිර්ඝ කාලීනව පිඩා ගෙන දෙන රෝගයක් විය හැකියි. බිලියන 3.5 ක් වන මෙම ප්‍රමාණය සුළුවෙන් තැකිය හැකි හෝ යුතු ප්‍රමාණයක් වන්නේ නැත. අද මිනිසාගේ ආයු අපේක්ෂාව වසර 80ක් පමන වන විට යමෙකු වයස අවු 30දි පමණ මෙවැනි රෝගයකට ගොදුරු වන්නේ නම් ඉතිරි වසර පනහම ගත කිරිමට සිදුවන්නේ රෝගයත් සමගම වීම මෙහි ඇති අභාග්යයයි. මෙම රෝග සඳහා බටහිර ඖෂධීය ප්‍රතිකාර වලින් සිදු කරනුයේ රෝගය පාළනය කර ගෙන තබා ගැනීමක් පමණක් බව රහසක් නොවේ. රෝගී පුද්ගලයෙකු ජිවිතයේ සම්පුර්ණ ඉතිරි කාලයම රෝගය හේතුවෙන් මරණය සිදු නොවන්නේ නම් ස්වාභාවිකව මරණය වන තෙක් දල වශයෙන් අවුරුදු 50ක් වත් මේ රෝගය වෙනුවෙන් ප්‍රතිකාර සමග ජීවත් වීමට සිදුවේ. සමාජයක් ලෙස අද අප ටේ සමාජයද මෙම ගැටළුව නිසා දැඩි අර්පුදයකට පත්ව ඇත. ප්‍රතිකාර සඳහා අධික වියදමක් දැරීමට සිදුවීම සහ සෞඛයය සේවාව සඳහා අමතර බරක් ඒ හරහා එකතු විම අප රට වැනි රට වල ආර්ථිකයන්ට එතරම් යහපත් වන්නේද නැත. මෙහි නොපෙනෙනා කටුක සත්‍ය එයයි. එසේම දිර්ඝ කාලීනව ඖෂධ ගැනීම නිසාත් එයින් ඇතිවන අතුරු ආබාධ නිසාත් ජනතාවගෙන් තව කොටසක් රෝගින් වේ. බටහිර වේවා ආයුර්වේද වේවා සමස්ථ රෝහල් පද්ධතිය හරහාම(ශල්‍ය ප්‍රතිකාර හැරුණු කල) සිදුකරන්නේ මෙම දැවෙන ගැටළුවට විසඳුමක් ලබා දිම නොව පවතින තත්ත්වය වැඩි වර්ධනය විම වලක්වාලීම සඳහා පැලැස්තර විසඳුමක් ලබා
දීමයි.නඩත්තුකාරි ඖෂධ ප්‍රතිකාරයෙන් සිදු කරන්නේ එයයි. රෝගින් සම්පූර්ණයෙන්ම සුවපත් කිරීමේ ප්‍රතිකාර එමගින් සිදු වන්නේ නැති බව අප තේරුම් ගත යුතුය. නමුත් ආයුර්වේදයේ ඇති ශෝධන ප්‍රතිකාර ක්‍රම හරහා මේ සඳහාසාර්ථකවුත් ස්ථිරවුත් ප්‍රතිඵල අත් කර දිය හැකි බව අනාදිමත් කාලයක සිට සනාත කරමින් පැමිනෙන සත්‍යයකි. ශෝධන ප්‍රතිකාර ඖෂධ ප්‍රතිකාරයට වඩා සුවිශේෂි ප්‍රතිකාරයක් බව ආයුර්වේදයේ දක්වා ඇත්තේ ඒ නිසාමය. මෙම තත්ත්වය තේරුම් ගනිමින් මෙම ආයතනයේ සිදුකරන පංචකර්ම ප්‍රතිකාර/ශෝධන ප්‍රතිකාර තුලින් බෝ නොවන රෝග සදහා ඉතා සෘජු උත්තරයක් ලබා දීමට උත්සහ දරමින් පවතින අතර එය මේ වන විට බොහෝ දුරට සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇති බවද පෙනෙන්නට තිබේ. ලෝකයේ තිබෙන ප්‍රධානතම ගැටළුවකට හැම වෛද්‍ය ක්‍රමයකින්ම සාර්ථක උත්තරයක් සැපයිමේ අපහොසත් කම ඇති වි තිබෙනා පසුබිමක පංචකර්ම ප්‍රතිකාර තුලින් මෙම රික්තකය පුරවා එම රෝගින් තුල සුබවාදී බලාපොරෝත්තුවක් ඇතිකිරීමට හැකියාව ලැබීමම ආයුර්වේද ප්‍රතිකාරයේ සැබෑ වටිනාකම මොනවාට කියා පාන්නකි.
බෝ නොවන රෝග පිළිබඳ ආයුර්වේද මතය හා පංචකර්ම ප්‍රතිකාරය
ශරීරය තුල ගොඩ නැගීම් සහ විනාශ වීම් නිරන්තරයෙන්ම සිදු වෙන ක්‍රියා වලියක් ලෙස ආයුර්වේදය දක්වා ඇත. ශරීරය තුල ගොඩ නැගෙන අත්‍යාවශ්‍ය නොවන දේවල් සහ ක්‍රමිකව විනාශ වන දේවල් ශරීරයෙන් ඉවත් කිරීම නිසි පරිදි සිදුවිය යුතුය. ශරීරයේ මනා පැවැත්මට එම යාන්ත්‍රනය ඉතා වැදගත්ය. එම යාන්ත්‍රන අක්‍රමවත් නම් බෝ නොවන රෝග ඇතිවන්නේ එවැනි පසුබිමක බව ආයුර්වේද විග්රහයයි. පංචකර්ම ප්‍රතිකාර තුලින් අවධානය යොමු කරන්නේ මෙම ශරීරයේ තුල එක් රැස් වෙන කැඩුනු හා බිඳුණු ඉවත් කල යුතු දේවල් ඉවත් නොවන්නේ නම් ඒවා කෘතිමව හෝ ඉවත් කර ශරීරය පිරිසිදු කිරීමටයි. රෝග මූලයටම ඒ කියන්නේ කැඩී බිදී අවහිර වු පද්ධති මූලයටම, යාන්ත්‍රන මූලයටම ගොස් ඒ අවහිර වීම් ඉවත්කිරීමට පංචකර්ම ප්‍රතිකාර වලට පුළුවන. බෝ නොවන රෝග වලට ප්‍රතිකාර කිරීමේදී එම රෝග නිට්ටාවට සුව කිරීමට සාර්ථක පදනම ඇත්තේ එතැනය.
පුර්වකර්ම පශ්චාත්කර්ම යුක්ත සම්පූර්ණ පංචකර්ම ප්‍රතිකාර බාහිරයෙන් සිදුකරනා ශල්‍යකර්මයක් වැනිය……
පංචකර්ම චිකිත්සාවේදී සිදුවන්නේ බාහිර සහ අභ්‍යන්තර වශයෙන් සිදුකරනා ස්නේහනය සහ ස්වේදනය ඇතුළු පුර්ව සහ පශ්චාත් කර්ම සියල්ල විධියුක්තව සිදු කර ආසන්නතම විවරයෙන් ශරීරයේ දෝෂ සිරුරින් බැහැර කිරීමයි. මෙම ක්‍රියාවලිය බාහිරයෙන් සිදුකරන ශල්‍යකර්මයකට සමාන කල හැකිය. ශරීරය විවෘත කිරීමක් සිදු නොකර සිදුකරන ශල්‍ය ප්‍රතිකාරයක් ලෙසත් පංචකර්ම ප්‍රතිකාරය හඳුන්වා දිය හැක්කේ එබැවිනි. මෙහිදි කැපුමක්, ලේ ගැලීමක් හෝ මැහුම් දැමීමක් වැනි සාමාන්‍ය ශල්යකර්මයකදි සිදුවන ක්‍රියාවන් සිදු නොවන අතර නමුත් අභ්‍යන්තර ශල්‍ය කර්මයකින් පවා ස්පර්ෂ කල නොහැකි ශරීරයේ ඇති සුක්ෂ්ම ස්ථාන කරා ගොස් ඒවා පිරිසිදු කිරීමට ඉවත් කල යුතු අනවශ්‍ය අංශූ ඉවත් කිරීමටත් හැකියාවක් ඇත. පංචකර්ම ප්‍රතිකාරය අවස්ථා තුනක් සඳහා භාවිතා කල හැකි බව ආයුර්වේදයේ දක්වා ඇත. (1)රෝග වලට ප්‍රතිකාරයක් ලෙස (2)මිනිස් සිරුරේ නිරෝගි කම වර්ධනය කර ගැනීමට (3)රෝග වලින් වැලකී සිටිමට පංචකර්ම ප්‍රතිකාර තුලින් හැකියාව ලැබේ. විශේෂයෙන් මෙම ප්‍රතිකාර වලින් ශාරිරික සහ මානසික යන අංශ දෙකම ඉලක්ක කෙරෙන අතර එමගින් මෙම දෙකෙහිම සමතුලිතතාවය ඇතිකර රැක ගැනීමට කටයුතු කෙරේ. වමන, විරේචන, නස්‍ය ප්‍රතිකාර පමණක් නොව වස්ති සහ බොහෙත් කුඩැල්ලන් යොදා ගෙන සිදුකරනා රක්ත මෝක්ෂණ යන සියළුම පංචකර්ම ප්‍රතිකාර නිවැරදිව රෝගින්ට සිදුකරමින් රෝගින් සුවපත් කිරිමේ කටයුත්තට පංචකර්ම රෝහලේ කාර්යය මණ්ඩලය දැඩිව කැපවී සිටි. ශරීරයයට ඇතුළු වන අහිතකර හෝ විෂදායක දෙයක් ඉවත් කර ගැනීමට ස්වාභාවිකව ශරිරයේ විවිධ යාන්ත්‍රන ක්‍රියාත්මක වන බව අප කවුරුත් දන්නේමු.(වමනය කිරීම හෝ අධිකව මල පිටකිරිමට සැලැස්වීම). මේ ක්‍රියාවලි සාමාන්‍යයෙන් පණගැන්වෙන්නේ ස්වාභාවිකව ශරීරය විසින්ම එම තිරණ ගැනීමෙන් අනතුරුවය. පංචකර්ම ප්‍රතිකාර වලදි එම යාන්ත්රනයන් කෘතිමව සක්‍රිය කෙරෙනා අතර පංචකර්ම ප්‍රතිකාර සඳහා භාවිතා කරනා විවිධ ප්‍රතිකාර උපක්‍රම මගින් ස්වාභාවිකව සිදු කෙරෙනවාට වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් ඉලක්ක ගත කාර්යයක් ඉටු කර ගැනීම සිදුවේ.
ආයුර්වේදය මිට ශතවර්ෂ ගණනාවකට පෙර පැහැදිළි කර ඇති මෙම න්‍යායයන් දැන් කිසිදු ප්රතිරෝධයකින් තොරව බටහිර විද්‍යාව විසින්ද පිළිගෙන ඇති අතරම බොහෝ ඒවා ඔවුන් විසින්ද අත්හදා බැලෙමින් පවතින්නේ අනාධිමත් කාලයකට පෙර හඳුන්වා දුන් ආයුර්වේදයේ සාර්ථක බවට බටහිරෙන් සහතිකද ඉදිරිපත් කරමිනි.
දැනට ස්නායු සහ සන්ධිගත රෝග, පිනස් රෝග, අධික ස්ථූලතාවය, චර්ම රෝග, දියවැඩියාව රෝග, ආයුර්වේද රුපාලාවන්ය ප්‍රතිකාර සඳහා රෝගින් බහුල වශයෙන් පැමිනෙන බව හඳුනා ගෙන ඇත. නමුත් ඕනෑම රෝගාවස්ථාවකින් පිඩා විදිනා රෝගියෙකුට පංචකර්ම ප්‍රතිකාර ලබා දිමේ පහසුකම් මෙම රෝහල සතු බව දැක්විය යුතුය. එය සනාථ කරනා සුවිශේෂිත කරුණක් වන්නේ හෘදය සහ රුධිර සංසරණ පද්ධතිය ආශ්රිත රෝගාබාධ සඳහාද පංචකර්ම ප්‍රතිකාර සඳහාද රෝගින් මෙම රෝහල වෙත පැමිණිමයි. එම රෝගීන්ටද රෝහල විසින් පංචකර්ම ප්‍රතිකාර ලබාදී සාර්ථක ප්‍රතිඵල ලබා දී ඇත. විශේෂයෙන්ම කිරීටක ධමණි බද්ධ කිරිමේ ශල්‍යකර්ම (Bypass surgery) සඳහා නිර්දේශ වි සිටි රෝගින් කිහිප දෙනෙකු සඳහා සාර්ථකව පංචකර්ම ප්‍රතිකාර ලබා දි ඔවුන්ගේ ධමණි අවහිරතා පළමු වටයේදී සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩුකර අවධානම් සහගත තත්ත්ව වලින් මුදවා ලවන්නට පංචකර්ම ප්රතිකාරවලින් හැකිවි ඇත. සමාජයේ බොහෝ දෙනෙකුට පහසුවෙන් දරා ගැනීමට අපහසු අධික වියදමක් දැරීමට සිදුවන රෝග වලට පංචකර්ම ප්‍රතිකාර ලබා ගත හැකි බව ජනතාව නිසි පරිදි දැනුවත් වි නැති කම නිසා ඔවුනට ලබා ගත හැකි සුවිශේෂි සේවාවාක් ඔවුන්ගෙන මගහැරි ගොස් තිබෙන බව අපගේ හැඟිමයි. පක්ෂාඝාත රෝගීන්ටද ඉතාම සාර්ථක ප්‍රතිඵල අත්කර දිමේ හැකියාවක් පංචකර්ම ප්‍රතිකාර තුල අන්තර්ගතය. පක්ෂාඝාත රෝගය යනු බොහෝ දුරට රෝගින් නේවාසිකව තබාගෙන ප්‍රතිකාර ලබා ගත යුතු රෝගයක් වන බැවින් රෝගයේ මුල් අවස්ථාවලදි ප්‍රතිකාර ලබා දිමේ පහසුකම් රෝහලට නොමැත. එනමුත් මුල් දින කිහිපය පසුකර සිටිනා රෝගින්ට ප්‍රතිකාර ලබාදිමේ හැකියාව රෝහල සතුව ඇති බව රෝහල් පරිපාළනයේ විශ්වාසයයි.
ශික්ෂණ රෝහලක් ලෙසත් පුහුණු ආයතනයක් ලෙසත්
සිමාවාසික පුහුණුව ලබනා උපාධිධාරි ආයුර්වේද වෛද්‍යවරුන්ට පුහුණුව ලබා දෙන රෝහලක් ලෙසත් කැළණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනයේ උපාධි අපේක්ෂක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සායනික පුහුණව ලබා දෙන ශික්ෂණ රෝහලක් ලෙසත් යොදා ගැනීම තුලින්ද මෙම රෝහල ඉටු කරනා සේවාව මැන ගත හැකිය. ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනය පවත්වනු ලබන පශ්චාද් උපාධි පාඨමාලා සහ දෙස් විදෙස් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පවත්වන කෙටිකාලින පංචකර්ම පාඨමාලා වල ප්‍රායෝගික පුහුණු ආයතනයක් වශයෙනුත් කටයුතු කරමින් පංචකර්ම ප්‍රතිකාර අංශයේ මෙරට තුල වැදගත්ම සහ ප්‍රධානම ස්ථානයක් බවට මෙම රෝහල පත්ව ඇත. රෝහලේ ගුණාත්මකබව වැඩිදියුණු කර ගැනීම සඳහා විශේෂයෙන් මෙම රෝහල් ආයතනය තුලදි රෝගින් ප්‍රතිකාර ලබා ගැනීමේදී ප්‍රතිකාර සම්බන්ධයෙන් කොතරම් දුරට තෘප්තිමත් වෙනවාද ඒ වගේම ප්‍රතිකාර වලදි රෝගින්ගේ පුද්ගල අයිතිවාසිකම් වලට හානියක් සිදුවෙනවාද යන්න සොයා බැලිම වැනි අංශ සම්බන්ධයෙන් පවා ආයතනය දැඩි අවධානයක් යොමු කර ඇත. ඖෂධ ප්‍රතිකාර වලට වඩා පංචකර්ම ප්‍රතිකාර වලදි රෝගියා වෛද්‍යවරයා සහ රෝගි උපස්ථායකයා යන පාර්හව තුන අතර සිදුවන ගනුදෙනුව විවෘත එකක් වන බැවින් එවැනි අංශ කෙරෙහිද අවධානය යොමු කිරිම කාලෝචිත පියවරයන්ය. මේ සියල්ලෙන්ම මෙම රෝහල තම අනන්‍යතාවය අන් රෝහල් අතරින් වෙන්කර ගොඩනගා ගැනීමට සමත්ව ඇත. නවින ලෝකයේ පුද්ගල හැගීම් සහ අවශ්‍යතා හඳුනාගෙන ඒවාට විසඳුම් සොයමින් මෙම රෝහල තම රෝගි සත්කාර සේවාව පවත්වාගෙන යෑමට දැඩි උනන්දුවකින් කටයුතු කරන බව එයින් මනාව ගම්‍ය වන අතර එය මෙම රෝහලේ සුවිශේෂි ලක්ෂණයක් බව අපට නිරික්ෂණය විය.
පොදුවේ රජයේ සේවා සපයන ආයතනයන් වලට තම ආයතන පිළිබඳව වෙළඳ ප්‍රචාරණය කිරිමට දැඩි සිමා මායිම් පවති. රෝගින්ගෙන් ලැබෙන්නාවු ධනාත්මක පසුප්රතිචාර (positive Feedback) තුලින්ම සමාජය තුල ප්‍රසිද්ධියක් සහ අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට මෙම රෝහලට හැකිවි ඇති බව කිරිබත්ගොඩ ආයුර්වේද පංචකර්ම රෝහල ඉදිරියට පැමිණි ඇති ආකාරයත් ලබා ඇති සාර්ථකත්වයත් තුලින් මනාව පැහැදිලි වේ. යම් සේවා සපයන ආයතනයක සාර්ථකත්වය මැන ගත හැකි හොඳම මිනුම් ඳඩු වන්නේ සේවා ලබා ගන්නන් විසින් අදාල ආයතනය කෙරෙහි ඇතිකර ගෙන ඇති තෘප්තිය සහ ආයතනය කෙරෙහි ඇති විශ්වාසය සහ අගයකිරීම් සම්භාරයයි. ඒ අංශය තුලින් කිරිබත්ගොඩ ආයුර්වේද පංචකර්ම රෝහල සම්පූර්ණයෙන්ම සාර්ථක වි ඇති බවට අප එහි කල සංචාරයේදි දැක ගත හැකි විය. ආයතනයේ වෛද්‍යවරුන් ඔවුන්ගේ සේවාව ගැන ඇති උනන්දුව සහ දැඩි කැපවිමේ ප්‍රතිඵලයක් ලෙසත් සහයක කාර්යය මණ්ඩලයේ උනන්දුව සහ ලබා දෙන්නාවු මනා සහය නිසාත් මෙම සාර්ථකත්වය ලබා ගෙන ඇති බව සිහිපත් කල යුතු වන්නේ එය සැබවින්ම සත්‍යයක් වන නිසාවෙන් සහ එහි ගෞරවය ඔවුනට හිමි විය යුත්තක් වන නිසාවෙනි.
තොරතුරු සපයා දීමෙන් සහ වෙදැස සඟරාව වෙනුවෙන් කාලය මිඩංගු කොට මෙම ලිපිය සැකසීමට උදවු කල රෝහල් කාර්යයභාර වෛද්‍ය නිළධාරි වෛද්‍ය තිලාණි වරුසවිතාන මහත්මිය ඇතුළු කිරිබත්ගොඩ ආයුර්වේද පංචකර්ම රෝහලේ සමස්ථ කාර්යය මණ්ඩලයටම වෙදැස ආයුර්වේද සඟරාවේ ගෞරවනීය ස්තුතිය පිරිනමමින් මෙම ලිපිය අවසන් කරන්නේ පංචකර්ම ප්‍රතිකාර ක්ෂේත්රයේ සියළුම අංශයන් ආවරණය වන පරිදි නිවැරදිව සියළුම ප්‍රතිකාර සිදුකරමින් අසරණභාවයට පත් රෝගී ජනතාවට උපරිම සේවාවක් ලබා දීමට කැපවි සිටිනා මෙම රෝහලේ ඉදිරි ඉලක්ක සහ අරමුණු පිළිබඳව වෛද්‍ය වරුසවිතාන මහත්මිය දැක්වු අදහස් කිහියක් මෙසේ එකතු කරමිනි.
“අප ආයතනයටද රාජ්‍ය අංශයේ අනෙකුත් ආයතන වලට පොදුවේ බල පැවැත්වෙන රාජ්‍ය නීති රිති හා අනෙකුත් අනපනත් වලට සීමාවි කටයුතු කිරීමට සිදුව තිබෙනවා. එසේ බැදීම් රාශියක් තිබියදීත් අප ආයතනයටද පුද්ගලික ආයතනයක ආකාරයට ක්ෂේත්රය තුල තරඟ කිරීමටත් සිදුව තියෙනවා. දැඩි තරකාරිත්වයක් යටතේ වුවත් අප ආයතනය දිනකට පංචකර්ම ප්‍රතිකාර අවම වශයෙන් 25 ප්‍රමාණයේ සිට උපරිම 50-60 පමණ දක්වා සිදුකිරීමට හැකියාව ලැබී ඇත. එම ප්‍රමාණය රෝහලේ ඇති මානව සම්පත් සහ භෞතික සම්පත් ප්‍රමානය සමග සැසඳු කල උපරිම මටට්ටමක පවතින බව කිව හැකියි. නේවාසික ප්‍රතිකාර ඒකකයද ආරම්භ කර එසේම අවම වශයෙන් පැය 12ක් වත් බාහිර ප්‍රතිකාර අංශය විවෘතව තබා ගැනීමට හැකිනම් ප්‍රතිකාර සේවාවන් ලබා දිය හැකි රෝගීන් ප්‍රමාණය මීට වඩා පහසුවෙන්ම වැඩි කර ගැනීමට හැකියාව ලැබෙන බව අපගේ විශ්වාසයයි. දැනට රෝහලේ ප්‍රතිකාර කටයුතු සිදු කෙරෙනා වේලාව අනුව දිනපතා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සමහර රෝගින්ට පැමිණිමේ දුෂ්කරතා ඇති කර ඇති නිසා එවැනි විකල්ප වැඩ සටහනක් ක්‍රියාත්මක ක්රිරිම යෝග්‍ය බවයි අප යෝජනා කරන්නේ. එයින් වැඩි සේවාවක් පහසුවෙන් සලසා දිය හැකි වනවා සේම රෝහලේ ඉලක්ක ගත අදායම් පහසුවෙන්ම සපුරා ගැනිමටද අවස්ථාව උදා කර දෙයි. මෙහිදි වෛද්‍ය කාර්යය මණ්ඩලය සහ සහයක කාර්යය මණ්ඩල පුළුල් කල යුතු වන බැවින් එමගින් ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රයේ රැකියා අවස්ථා විඩි කිරිමටද හැකියාව ලැබෙනා බව යෝජනාවක් ලෙස දක්වා සිටිමට කැමතියි. අප රජයේ රෝහලක් ලෙස ලඟා කර ගෙන ඇති සාර්ථකත්වය ගැන අවංකවම සෑහීමකට පත්වෙන්න පුළුවන්, එසේ වුවත් ආයතනයේ යම් යම් අඩුපාඩු පිළිබඳවත් ප්‍රතිකාර අංශයේදි
ඉහලම සේවාව ලබා දීමේ අවස්ථාව ලැබී තියෙනවාද කියන එක පිළිබඳවත් අපට අප ගැනම ස්වයං විවේචනයකුත් තියෙනවා. රජයේ සෞඛ්‍යය සේවා සපයන ආයතනයක් ලෙස උපරිම උත්සහය දරන්නේ දිනෙන් දින ආයතනයේත් සමස්ථ කාර්යය මණ්ඩලයේත් ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීමටයි. අපිට විශ්වාසයි කිරිබත්ගොඩ පිහිටි බස්නාහිර පළාත් සභාව යටතේ පාළනය වන ආයුර්වේද පංචකර්ම රෝහල තුලින් හොඳ සේවාවක් ජනතාවට ලබා දිය හැකියි කියලා. එය අපි අත්දකිනවා මෙම ආයතනය දිනෙන් දින ලබනා සාර්ථකත්වය හා ජනතාවගේ ආකර්ශනය තුලින්. ඒනිසා මෙම ආයතනය වැනි ආයතන රට පුරා ඇති කරන්න පුළුවන් නම් වඩා හොඳයි.”
කිරිබත්ගොඩ රජයේ ආයුර්වේද පංචකර්ම රෝහල
දුරකථන අංකය 0114-940969 සේවාවන් සපයන දින සහ වේලාවන්: සතියේ දිනවල උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා (ඉරිදා දින හැර)