ad_here

ස්වර්ණ පිච්ච

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
පට්ටිපොළ ඔසු උයන

ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ නැගෙනහිර සීමාව පටන් ගන්නා කඳු බැවුම් ප්‍රදේශයේ පිහිටි පට්ටිපොළ යනු හේතුන් කිහිපයක්ම නිසාවෙන් චිර ප්‍රසිද්ධියට පත් අති සුන්දර ප්‍රදේශයකි. පට්ටිපොළ දුම්රිය ස්ථානය එහිදි සුවිශේෂි ස්ථානයක් ගන්නා දුම්රිය නැවතුම්පොළකි. ශ්‍රි ලංකාවේ උඩරට දුම්රිය මාර්ගයේ උසම ස්ථානයේ පිහිටා ඇති දුම්රිය නැවතුම්පොළ වන්නේ පට්ටිපොළ වීම ඊට හේතුවයි. එපමණක් නොව හොර්ට්න් තැන්න, ලෝකාන්තය නැරඹිමට යන සංචාරකයන්ට හෝර්ට්න් තැන්න අභයභූමියට ඇතුළු වීමට එක් පිවිසුම් මාර්ගයක් වැටි ඇත්තේද පට්ටිපොළ හරහාය. එසේම ශ්‍රී ලංකාවේ ඉහල කඳුකර වනාන්තර පද්ධතියට ආවේනික සුවිශේෂි ඖෂධීය ශාක විශේෂ රාශියකින් පොහොසත් එකම ඔසු උයන පිහිටා ඇත්තේද පට්ටිපොළ වීම අනෙක් ප්‍රධානතම හේතුවයි. මෙම සුවිශේෂි ඔසු උයන නැරඹිමට පැමිනෙන්නන්ගේ ප්‍රමාණය අනූව පෙනී යන්නේ මේ භූමිය පිළිබඳව තවමත් හරිහැටි ජනතාව දැනුවත් වී නැති බවයි. එබැවින් අප මේ ලිපිය තුලින් උත්සහ කරන්නේ ඒ විශේෂිත ඔසු උයන පිළිබඳව පාඨක ඔබට යම් හඳුන්වා දීමක් කිරීමටයි.

ස්වර්ණ පිච්ච

ස්වර්ණ පිච්ච

වැල්මදට

වැල්මදට

වර්ෂ 1985දෙසැම්බර් මාසයේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පළමු වරට ආරම්භ කරන මෙම ඔසු උයන ආරම්භයේදී අක්කර 25ක භූමි ප්‍රදේශයකට පමණක් සිමාවි ඇත. එහෙත් අසූව දශකය අග භාගයේදී මෙම භූමියේ වටිනාකමින් වඩාත් වැඩි ප්‍රයෝජනයක් ගත හැකිආයුර්වේද දෙපාර්තමේන්තුව යටතට මෙම උයනේ භාරකාරිත්වය හිමිවන්නේ  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාළනයෙන් උයනේ පාළනය සම්පූර්ණයෙන්ම ඉවත් කරමිනි.මධ්‍යම රජයේ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතට පවරා දීමත් සමගම විධිමත්ව කඳුකර තෙත් කළාපයේ ඖෂධ වගා කරන ඔසු උයනක තත්ත්වයට පත් කීරීම සිදුවී ඇති අතර භූමි ප්‍රමානයද අද පවතින අක්කර 32ක ප්‍රමාණය දක්වා වර්ධනය වීමද සිදුව ඇත. මුහුදු මට්ටමේ සිට උස මීටර් 1891(අඩි 6200) ක මට්ටමේ පිහිටා ඇති මෙම සුවිශේෂි ඔසු උයන ඉහල කඳුකර වනාන්තර කළාපයට ආවේනික ඖෂධ පැලෑටි මෙන්ම ඉන්දියාවේ හිමාලය වැනි

කඳුකර වනාන්තර වල පමණක් දැක ගත හැකි දුර්ලභ ඖෂධ වර්ගද ආදර්ශක වලින්ද පොහොසත්ය. හුදු නිරික්ෂණයට පමණක් සීමා නොකොට අධ්‍යයනය කිරීමට අවස්ථාව ඇති ආකාරයට මෙම ඔසු උයන සැකසීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. මෙම ඔසු උයන වටිනා සහ දුර්ලභ ඖෂධ පැලෑටි පිළිබඳව අධ්‍යයයන කටයුතු සිදුකරනා වෛද්‍යවරුන්ට, පර්යේෂකයන්ට පමණක් නොව ස්වභාව සෞන්දර්ය ආශ්වාදනය කිරීමට කැමති ඕනෑම අයෙකු අනිවාර්යයෙන්ම යායුතු ස්ථානයක් බවට පත්වන්නේ එබැවිනි..

පැමිණිමේ ගමන් මාර්ග……

නුවරඑළිය සිට මෙම භූමියට පැමිණිමට අපේක්ෂා කරන්නෙකුට නුවරඑලිය අඹේවෙල මාර්ගය ඔස්සේ හෝ වැලිමඩ සිට පැමිනෙන්නෙකුටවැලිමඩ නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රේන්දපොළ පසුකර බොරගස් නගර සීමාවට පැමිනෙන විට වම් දිශාවට ඇති අතුරු මාර්ගය දිගේ පැමිණ අඹේවෙළ දුම්රිය ස්ථානය අසලදී නුවරඑලිය සිට පැමිනෙන මාර්ග‍ය හා සම්බන්ධව පට්ටිපොළ ඔසුඋයන වෙත පැමිණිය හැකිය. නැතිනම් පට්ටිපොළ දුම්රිය ස්ථානයෙන් හෝ අඹේවෙල දුම්රිය ස්ථානයෙන් බැස පට්ටිපොළ ඔසු උයනට පැමිණිමේ හැකියාවද ඇත.

දේවදාර

දේවදාර

බිංකොහොඹ වගාව

බිංකොහොඹ වගාව

මෙම භූමියේ ඇති විශේෂිතාවයක් වන්නේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කය තුල උයන පිහිටියද එහි එක් අන්තයක් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික් මායිමේ පිහිටා තිබීමයි. ආරම්භයේ සඳහන් කල මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම් සීමාව පටන් ගන්නේ මෙම පළාත් මායිමේ සිටය.

මේ අවස්ථාවේදි සිහිපත් කල යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ඔසු උයන් දෙකක් මීට අමතරව රටේ විවිධ ‍භූවිෂමතා කළාප දෙකක පිහිටා තිබෙන අතර පට්ටිපොල ඔසු උයන ඉහල කඳුරට වනාන්තර පද්ධතියට අයත් වන විට හල්දුම්මුල්ල ඔසු උයන මැදිරට අතරමැදි වනාන්තර පද්ධතියේද ගිරාදුරුකෝට්ටේ ඔසු උයන පහතරට අතරමැදි වනාන්තර පද්ධතියටද අයත්ව තිබෙන බවයි. ප්‍රමාණය අතින් පට්ටිපොළ ඔසු උයනට වඩා අනෙක් ඔසු උයන් දෙක විශාලත්වයෙන් වැඩි වුවත් සුන්දරත්වයෙන් සහ උයනේ ඇති ඔසු වගාවන්ගේ වැදගත්කම අතින් පට්ටිපොල අන් ඔසු උයන් දෙක හා සමානවම සිටිනා බව කිව යුතුමය. ඉහල කදුකරයේ ක්ෂණයකින් වෙනස් වන කාලගුණික තත්ත්වයනට මනාව ඔරෝත්තු දෙන ආකාරයට මෙම උසු උයනේ ඖෂධීය ශාක වගා කර ඇත්තේ අධික සුළඟ සහ මීඳුම් තත්ත්වයනට ඔරොත්තු දෙන පරිදි ක්‍රමවත්ව වගා කරණ ලද වියන් ස්ථරයකින් යුතු විශාල ලොත්සුඹුල් ගස් සහ අන්කෙන්ද වැනි ආවේනික විවිධ වෘක්ෂයන්හි යටි වගා ලෙසිනි.

වගා කර ඇති විශේෂිත ඖෂධීය ශාක…….

ත්‍රිකණ්ඨක (Barberisceylanica)

ත්‍රිකණ්ඨක

ත්‍රිකණ්ඨක

ත්‍රිකණ්ඨක

ත්‍රිකණ්ඨක

දාරුහරිද්‍රා යනු ඉන්දියාවේ ඉහල කඳුකර වනාන්තර වල වැවෙනා ඖෂධිය ශාකයකි. ශ්‍රි ලංකාවේදි ඖෂධ ප්‍රතිකාර සඳහා දාරුහරිද්‍රා වෙනුවට භාවිතයට ගන්නේ වෙනිවැල්ගැට ශාකයයි. එහෙත් දාරුහරිද්‍රා ශාක කුලයේම ශ්‍රී ලංකාවට ආවේනික ශාක විශේෂයක් පට්ටිපොළ ඔසු උයනේදී දැක ගත හැකිය. ත්‍රිකණ්ඨක (Barberisceylanica) යන නාමයෙන් හඳුනා ගන්නා මෙම ඖෂධීය ශාකය දේශිය දාරුහරිද්‍ර ලෙස තහවුරු කර ඇත. එහෙත්සුලභ නොවන බැවින් තවමත් දාරුහරිද්‍රා වෙනුවට භාවිතයට ගන්නේ නැත. කටු සහිත පඳුරු ශාකයක් වන මෙම ශාකය පහසුවෙන් හඳුනා ගත හැක්කේ ශාක කඳෙහි ඇති කටු තුනක පිහිටිමක් තුලිණි. කඳෙහි ඇති ගැට සහිත ස්ථාන වල මෙම කටු තුන එකම ස්ථානයකින් පිටතට පැමිණෙන අතර මෙය මෙම ශාකය හඳුනා ගැනිමේ වැදගත්ම සහ පහසුම ලක්ෂණයයි. ශාක ප්‍රචාරණය සිදු වන්නේ කුඩා ගෙඩි වලින් වන අතර කහපාට මල් හට ගන්නා වටිනා ඖෂධ ශාකයක් ලෙස මෙය පට්ටිපොළ ඔසු උයනට ආලෝකයක් ගෙන දී ඇත.

තගර (ලංකා තුවාරලා)

Valeriana wallichii

තුවාරලා

තගර

තගර

Valeriana ශාක කුලයට අයත් තගර ශාකය ලංකා තුවාරලා ලෙසද හඳුනා ගනි. පට්ටිපොළ ඔසු උයනේ ඇති තවත් සුවිශේෂි ඖෂධීය ශාකයක් වන්නේ මෙයයි. මෙම ශාකය පිළිබඳව තව දුරටත් අධ්‍යයනය කල යුතු අතර එය ඖෂධ සඳහා දැනට භාවිතා කරනා ඉන්දියාවේ ඇති Valeriana wallichii විශේෂයට සමාන ගුණ තිබේද යන්න පරික්ෂා කිරීම තුලින් තුවාරලා භාවිතා කර නිපදවන ඖෂධීය සංයෝග සඳහා තගර යෙදීම හරහා තුවාරලා ගෙන්වීමට යන පිරිවැය ඉතිරි කර ගත හැකි වනු ඇත.

වනරාජ/ සඳරාජ/ ඉරරාජ/ ගුරුළුරාජ

වනරාජ

වනරාජ

ඉරරාජ

ඉරරාජ

ගුරුළුරාජ

ගුරුළුරාජ

පට්ටිපොළ ඔසු උයනට පිවිසෙන අයට දැක ගත හැකි ඉතාම දුර්ලභ සහ වටිනා දේශිය ඖෂධ ශාකයන් කිහිපයක් වන්නේ අලංකාර වනරාජ, සඳරාජ, ඉරරාජ, ගුරුළුරාජ යන ශාකයන්ය. බොහෝ දෙනා මෙම ශාක නිවැරදිව නොහඳුනන නිසා ස්වාභාවික පරිසරයෙන් ඉතාම අවාසනාවන්ත ලෙස වඳවී යාමට මුහුණ පා ඇති ඖෂධීය ශාක විශේෂ අතරට මේවාද එක්වී ඇත.

දේවදාර

ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, පාකිස්ථානය වැනි රටවල ඉහල කඳුකර වනාන්තර වල වැවෙනා එසේම දීර්ඝ ජීවිත කාලයකට උරුමකම් කියනා දේවදාර ශාකය විශාලව වැඩෙනා වෘක්ෂයකි. පට්ටිපොළ ඔසු උයනට පැමිනෙන අයට දැක ගත හැකි තවත් වටීනා ශාකයක් වන්නේ මේ දේවදාර ශාකයි. දේවදාර යනු කොතරම් සෙමින් වර්ධනය වන ශාකයක් ද යන්න තේරුම් ගැනීමට පට්ටිපොළ ඔසු උයනේ ඇති දේවදාර ශාක

කීන

කීන

ගැටතුඹ

ගැටතුඹ

මහහැඩයා

මහහැඩයා

අධ්‍යයනයෙන් තේරුම් ගත හැකිය. වසර ගණනාවක් වයස වුවත් ඉතාම කුඩා දේවවාර ශාක පට්ටිපොළ ඔසු උයනේ සුන්දරත්වය සහ අභිමානත්වය ඇතිකරමින් වර්ධනය වන අයුරු දැක ගත හැක. මහහැඩයා මිවන ශාක වලට නෑකම් කියානා ඔසු උයනේ ඇති තවත් වටිනා ශාකයකි. ඊට අමතරව ගැටතුඹ, ලොධ්‍ර, කීන, වැල්මදට වැනි ඉහල කඳුකර වනාන්තර වල වැවෙනා සුවිශේෂි ඖෂධීය ශාක මෙහිදි දැක ගත හැකිය. තවද බිංකොහොඹ ශාක එකතුවක් ද මෙහි ඇති අතර බිංකොහොඹ ශාක වල පත්‍ර විඥාසය අනුව වෙන් වන ඉතා දුර්ලභ ශාකද මෙහිදි දැක ගැනීමට අවස්ථාව ඇත.

නවාතැන් පහසුකම්

පට්ටිපොළ ඔසු උයනේ සංචාරක බංගලාව

පට්ටිපොළ ඔසු උයනේ සංචාරක බංගලාව

ලොධ්‍ර වගාව

ලොධ්‍ර වගාව

මෙම ඔසු උයන නැරඹීමට පැමිනෙන අයට සහ පට්ටිපොළ සිට අනෙකුත් සුවිශේෂි ස්ථාන කරා සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනා අයට නවාතැන් ගැනීමට ඉතාම සුවපහසු සංචාරක බංගලාවක්ද මෙම ඔසු උයන තුලම ගොඩ නගා ඇති අතර එම සංචාරක නිවස්නය වෙන් කර ගැනීම මහරගම නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුව හරහා සිදුකර ගත හැකිය. පහත යොමුව හරහා වැඩි විස්තර ලබා ගත හැක.

(http://www.ayurveda.gov.lk/pdf/Circuit_Bungalow_Application.pdf)

විශේෂ ස්තුතිය: ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ