ad_here

ස්වර්ණ පිච්ච

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
මුත්‍ර අශ්මරී (Calculi)

මුත්‍ර ව්‍යුහාව ආශ්‍රිතව හටගන්නා රෝග අතරින් බහුලව දැක ගත හැකි රෝග තත්ත්වයක් ලෙස මුත්‍ර අශ්මරී හැදින්විය හැක.මෙහිදී ඇතිවන වේදනාව මිනිසාට ඇතිවන නොඉවසිය හැකි වේදනාවන් අතුරින් එකක් ලෙස දැක්විය හැක.

ආයුර්වේදයේ දක්වා ඇති මහා රෝග අටෙන් එක් රෝගයන් වන මෙය ශල්‍ය සාධ්‍ය හෙවත් ශල්‍ය කර්ම සිදු කල යුතු රෝග අවස්ථාවක් ලෙස සදහන් වේ. ගල් හෙවත් අශ්මරී හටගන්නේ වකුගඩු ආශිතව පමණක් නොවේ. මුත්‍ර ප්‍රණාල සහ මුත්‍රාශය තුලද හට ගනී.  මීට අමතරව අග්න්‍යාශය(Spleen), පිත්තාශය(Gallbladder), ඛේඨ ග්‍රන්ථි(salivary glands), ශුක්‍ර ප්‍රනාල(Vas deferens), කඳුළු ශ්‍රාවී ග්‍රන්ථි(Lacrimal/Tear glands) සහ ක්ෂිර ශ්‍රාවී ග්‍රන්ථි(Milk glands) ආශ්‍රතවද ඇතිවේ. අශ්මරී හටගන්නා ස්ථානය අනූව නාමකරණය වෙනස් වේ.

Renal calculi – වකුගඩු වල හට ගන්නා අශ්මරී  
Bladder stone – මුත්‍රාශයේ ඇතිවන අශ්මරී
Urinary stone – මුත්‍රනාලිකා වල ඇතිවන අශ්මරී
Gall stone – පිත්තාශයේ ඇතිවන අශ්මරී

මුත්‍ර ගල් අතරින් බහුලවම ඇතිවන ගල් විශේෂය වන්නේ කැල්සියම ඔක්සලේට් (calcium oxalate) ය. එය 80% ක් පමණ වේ. යූරික් ඇසිඩ් ගල් (uric acid stone) 5% – 10% ක් පමණ පවතින අතර ඊට අමතරව කැල්සියම් පොස්පේට් (calcium phosphate) සහ ක්‍රිස්ටීන්a ( crystine) ගල් ද පැවතිය හැක. ලංකාව තුල මුත්‍ර අශ්මරී රෝගය බහුලව ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතු ලෙස ජලය අඩුවෙන් පානය කිරීම සහ කඨින ජලය පානය කිරීම දැක්විය හැක. ජලය පානය අඩුවීම නිසා මුත්‍රා පිට කිරීම අඩුවන අතර යුරික් ඇසිඩ්, ඔක්සලේට්, ක්‍රියටීන් වැනි රසායනික සංඝටක රැස්වී ඒවායේ සාන්ද්‍රණය වැඩිවී ඝනභාවයට පත්වී මුත්‍රගල් ඇතිවේ. මීට අමතරව ආහාර රටාවේ වෙනස්කම්, මද්‍ය පානය, මුත්‍ර පෙරීම අඩුවන වකුගඩු හේතු, පෞරුෂ/ පුරස්ථි ග්‍රන්ථි ප්‍රදාහය(Prostate Gland Enlargement) ආදිය නිසාද අශ්මරී හටගනී. මෙම රෝගය වැඩිහිටියන් කෙරෙහි බහුලව හටගත්තද කුඩා දරුවන් කෙරෙහිද හටගන්නා අවස්ථා දැකගත හැකිය.

අශ්මරී පිළිබඳ ආයුර්වේද දෘෂ්ඨිය

අශ්මරී හටගැනීමට බලපාන හේතු

  • අධික ව්‍යායාමය – අධිකව වෙහෙසට පත්වී වැඩපල කිරීම
  • උෂ්ණාධික ආහාරපාන  (ඉස්සෝ, දැල්ලෝ, බලමාළු, අච්චාරු, සැමන් ආදිය) සහ අධිකව තෙල් මිරිස් යෙදු සැර ආහාර
  • අධික මත්පැන් පානය
  • වේගයෙන් දිවෙන වාහන වල ගමන් කිරීම
  • තෙත සහිත(ආනූප) ප්‍රදේශ වල වෙසෙන සතුන්ගේ මස් අනුභව කිරීම
  • කෑදේ දිරවීමට පෙර නැවත කෑම
  • අජීර්ණය

 මුත්‍රාශ්මරී ‍රෝගයේ ප්‍රධාන ලක්ෂණ

  • අනින්නාක් බඳු වේදනාවක් ඇතිවීම – මෙම වේදනාව නාභිය, අණ්ඩ කෝෂ, ගුදය සහ වකුගඩු ආශ්‍රතව ඇතිවේ.
  • මුත්‍ර පිටකිරීමේදී මුත්‍ර ධාරා විසිරී පිටවීම – වතුර මලක මෙන්
  • විටෙක මුත්‍ර සුවසේ පිටකල හැකි අතර තවත් විටෙක ඉතා ඇයැසයෙන් පිට කරයි.
  • දිවීම, පැනීම ආදී ක්‍රියා වලදී වේදනාව වැඩිවීම – මෙසේ වන්නේ අහ්මරීය මුත්‍ර ප්‍රනාල වල පවතින විටදීය.
  • මුත්‍ර සමග රක්තය පිටවීම
  • මුත්‍ර තරමක් බොර පැහැයක් ගන්නා අතර ඇතැම් විටෙක සිකතා සහිතව පිටවේ.
  • අධික වේදනාව නිසා ඇතැම් විට ක්ලාන්තය ඇතිවිය හැක.
  • වමනය
  • මුත්‍ර දාහය
  • අධිකව දහඩිය දැමීම

 අශ්මරී නිසා හටගන්නා වේදනාව ඉතා දරුණු වේදනාවකි. පර්ශු කූඩුව අවසන් වන ස්ථානයේ සිට යටිබඩ දක්වාම දෙපසින්ම වේදනාව ඇතිවිය හැක. අශ්මරී පවතින ස්ථානය අණුව එක පසකින් හෝ දෙපසින්ම වේදනාව ඇතිවේ. සාමාන්‍යයෙන් මෙම වේදනාව පැය දෙකකින් පමණ සුවවන අතර ඇතැම් විට පැය කිහිපයක් හෝ දිනක් දක්වා පැවතිය හැකිය. තවද ක්ෂණිකව ඇතිවී එසැනින් පහවන අධික වේදනාවක් ලෙසද ඇතිවිය හැකි අතර එය Renal colic ලෙස හැඳින්වේ.

මුත්‍රාශ්මරිය හට ගැනීමට පෙර පහලවන ලක්ෂණ ලෙස:

  • යටිබඩ පුදේශයේ අධික වේදනාව
  • ඉතා අපහසුවෙන් මුත්‍රා පිට කිරීම
  • එළු ගඳකින් යුත් මුත්‍රා පිට කිරීම
  • මුත්‍රා පිටවීම අඩුවීම
  • ආහාර අරුචිය

මුත්‍රාශ්මරී රෝගය උපද්‍රවකාරී රෝගයක් ලෙස ආයුර්වේදයේ විස්තර කර ඇත.

ආයුර්වේදයේ දක්වා ඇති අශ්මරී ප්‍රතිකාරය

  • අශ්මරිය තරුණ අවස්ථාවේදී ඖෂධ යොදා අශ්මරිය පාතනය කල යුතුය.

(මෙහිදි අශ්මරිය මිලිමීටර් 4ක් හෝ ඊට අඩුවන අවස්ථා‍‍වේදී පමණක් ඖෂධ යොදයි)’

  • අශ්මරිය විශාල වූ විට (මිලි මීටර් 4 ට වඩා විශාල වූ විට) ඡේදන/ශල්‍ය කර්‍ම කල යුතුය.
  • වේදනා නාශනය සඳහා ශමන ඖෂධ යෙදීම. මේ සඳහා පානීය ඖෂධ මෙන්ම තෙල් ගැල්වීම, තැවීම් මෙන්ම ආලේප වර්ග භාවිතා කරයි.
  • මුත්‍ර හොදින් පිටකිරීම සදහා මුත්‍රකාරක ඖෂධ යෙදීම

 අශ්මරිය කුඩා අවස්ථාවේදී යොදන භේෂජ ප්‍රතිකාරය තව දුරටත් විග්‍රහ කිරීමේදී,

1′ භේදන:     ඖෂධ වර්ග බාහිරින් ගල්වා හෝ කෂාය ආදී ඖෂධ වර්ග අභ්‍යන්තරව යොදා අශ්මරිය කුඩා කොටස් වලට කැඩීමට ඉඩ සැලසීමයි.

2′ පාතන:      කුඩා කොටස් වලට කැඩුණු අශ්මරී කොටස් අභ්‍යන්තරව ඖෂධ යොදා වැටීමට සැලැස්වීම.

විශාල වූ අශ්මරී සඳහා ශල්‍ය කර්‍මයක් සුශ්‍රැත සංහිතාවේ දක්වා ඇති නමුදු වර්තමානයේ එය ආයුර්වේදය තුල යොදනු නොලැබේ. ආයුර්වේද ල්‍රතකාර තුලින් කුඩා අශ්මරී සඳහා ශල්‍ය කර්‍මවලන් තොරව ප්‍රතිකාර ලැබිය හැකි නිසා එවැනි අවස්ථා වල එම ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා උචිතය.

  • ජලය වැඩිපුර පානය කිරීම
  • ප්‍රෝටීන් බහුල ආහාර අධිකව ආහාරයට එකතුකර නොගැනීම
  • ඔක්සලේට සහිත ආහාර වන චොක්ලට්, සොයා බෝංචි, රටකජු ආදිය අඩුවෙන් ආහාරයට ගැනීම
  • කෝපි පානය අඩු කිරීම, දොඩම්, දෙහි යුෂ නිතර පානය කිරීම
  • මුත්‍රවේග ධාරණය නොකිරීම
  • මත්පැන් පානයෙන් ඈත්වීම
  • ව්‍යායාම කිරීම  මෙම රෝගයෙන් වැලකී සිටීමට අනුගමනය කල යුතු ක්‍රියාකාරකම් වේ.


  • Hasantha Mahesh Liyanage

    අම්මෝ මේකේ වෙදනවනම් එපා වෙනවා.