ad_here

ස්වර්ණ පිච්ච

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
කුජ සිකුරු යුද්ධයෙන් සුරතලිය පරදී.

2015 02 22කුජ සහ සිකුරු මේ වන විට ගමන් කරන්නේ මීන රාශියේය. සිකුරුගේ උච්ච බලය විහිදුවමින් මාලවී යෝගය උදා කර ඇත. කුජ සිකුරු දෙදෙනාම දැන් ගමන් කරන්නේ සෙනසුරුට අයත් උත්‍රපුටුප නැකතේ ය. මෙසේ ග්‍රහ යෝගයක් උදා කරමින් දෙදෙනාම සමාන ගමනක් යද්දී යහපතක් විය යුතු යැයි ඔබ සිතනවා ඇත. එහෙත් එකම රාශියක එකම නැකතක එකම අංශකයකට කිසියම් ග්‍රහයන් දෙදෙනෙකු පැමිණි විට එතැන ග්‍රහ යුද්ධයක් ඇති වේ. 2015. 02. 22 දින උදේ 10.44ට මෙසේ කුජ සහ සිකුරු යුද වදිනවා ඇත. මේ යුද්ධයෙන් කුජට ජයග්‍රහණය අත්වන අතර සිකුරුට පරාජය අත් වේ.

ග්‍රහ යුද්ධයක දී ඉහලින් ගමන් කරන ග්‍රහයාගේ ඡායාව පහලින් ගමන් කරන ග්‍රහයාට වැටෙන අතර එම සෙවනැල්ලෙන් අඳුරු වන ග්‍රහයා පරාජය වූවා සේ සැලකේ. මෙම පරාජිත ග්‍රහයාගෙන් සුබඵල නොලැබෙන බව පුරාණාචාර්යවරුන්ගේ ඉගැන්වීමයි. මෙදින ඇතිවන කුජ සිකුරු යුද්ධයේ දී උච්ච බල සහිත සිකුරුගේ සුබඵල හීන වනු ඇත. එ බැවින් ආදරය – ප්‍රේමය – සුන්දරත්වය – කලාකාමීත්වය යනාදී අංශවල පසුබෑමක් ඇතිවන බව කිව හැකිය.

මෙදින ග්‍රහ යුද්ධය ඇති වන අවස්ථාවේ තත්කාල කේන්ද්‍රයේ ග්‍රහචාරය දෙස විමසා බැලීමේ දී මේෂ ලග්නය උදා වී පවතින අතර ලග්නාධිපති වන්නේ කුජ ය. එම කුජ 12 වැන්නේ සිටිනුයේ 04 වැන්නාධිපති සඳු හා 07 වැන්නාධිපති සිකුරු ද සමගිනි. නවාංශක කේන්ද්‍රයේ ද ලග්නාධිපති සිකුරු හා 07 වැන්නාධිපති කුජ 12 වැන්නේ තැම්පත් ව සිටී.

අවි ආයුද දරන, හැඩි දැඩි, තේජස් සම්පන්න, සේනාධිපති කුජ විසින් සුන්දරත්වය කලාකාමීත්වය, සුව පහසුව, ආදරය, ප්‍රේමය දරා සිටින විවාහකාරක සිකුරු 12 වැන්නේ සිටියදී පරාජයට පත් වන බැවින් මේ තත්ත්වය ආදරය විවාහය කලාකාමීත්වය පැත්තෙන් ඉතාම අසුබ බව කිව හැකිය.

ආදරය, ප්‍රේමය, සුන්දරත්වය, මනරම් රන් රිදී ආභරණ, සුව පහසු යාන වාහන, කලාකාමීත්වය ආදී සියල්ල ධනය බලය ඉදිරියේ අසරණ වන්නට අවස්ථාව ඇත. විශ්වාසය වුවද බලහත්කාරකම ඉදිරියේ පරාජයට පත් වේ. එබැවින් පාසලට උපකාරක පන්තියට හෝ රැකියාවට යන, යන තරුණ දියණියන් විශේෂයෙන් තම තමන්ගේ ආරක්ෂාව පිළිබඳව වැඩි වැඩියෙන් උනන්දු විය යුතු කාලයකි. විශේෂයෙන් ම ජංගම දුරකතනය හරහා, ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවි හරහා කටයුතු කිරීමේ දී වුවද නොදන්නා අය සමග කතාවට යාම සහ ඇසුරක් පවත්වා ගැනීම නුසුදුසු බව අවධාරයෙන් දන්වා සිටිමි.

දෙමාපියන් ද මෙහිදී විශේෂයෙන් තම දරුවන් පිළිබඳ ව වෙනදාට වඩා උනන්දුවෙන් හා කල්පනාකාරීව කටයුතු කළ යුතු බව දන්වමි. තම දුව-පුතා ඇසුරු කරන යහළු යෙහෙළියන් ගැන සහ ඔවුන්ගේ ඇති වන කායික මානසික වෙනස්කම් ගැන වැඩි අවධානයකින් පසු වුවහොත් ඔබට ඔබේ දරුවාට ඇති විය හැකි විපත් කරදරවලින් ආරක්ෂාව සලසා ගත හැකිය. දරුවන්ගේ සිත් නොරිදෙන ලෙස උපදෙස් දෙන්න. ආදරයෙන් සෙනෙහසින් දූ දරුවන් සමග දුක සැප බෙදා ගන්න. අම්මා දරුවන්ගේ හොඳම මිතුරිය ලෙසින්ද තාත්තා දරුවන්ගේ හොඳම මිතුරා ලෙස ද ක්‍රියා කරන්න. මේ තුළින් ඔබේ දරුවාගේ අනාගත බලාපොරොත්තු ආරක්ෂා කර ගත හැකි වනු ඇත.

සම්මා සම්බුදු සරණයි