මේ දිනවල මාධ්‍ය මගින් නිතර අසන දකින පුවත් අතර ප්‍රධාන ස්ථානයක් හිමි වන්නේ මල් කැකුළු වන් අහිංසක පුංචි දරුවන් නොසිතූ නොපැතූ ලෙස පීඩාවට, හිංසාවට හෝ මරණයට පත් වූ බව දැක්වෙන පුවත්වලටයි. අම්මා දරුවාට බත් කවා ගෙතුළට ගොස් නැවත පැමිණෙන විට තම දරුවා අතුරුදන් වී ඇත. සොයන්නට හැකි සෑම උත්සාහයක් ම යොදා සෙවූවත් ඵලක් නොවූ අතර අවසන දරුවාගේ මළ සිරුර කළුගඟින් හමු වීයැයි පුවතක් ඇසීමි. මව් පියන් සමග එකට වාහනයේ යද්දී සිදු වූ හදිසි අනතුරු නිසා දරුවන් කිහිප දෙනෙකුට ම දිවි අහිමි වූ බවද වාර්තා විය. තම විවාහක දිවියේ නීරස විඳ දරා ගත නොහැකි වූ මවක් දරුවාට මන්නා පිහියකින් පහරදී තමාද සිය දිවි හානි කර ගත් බවක්ද ප්‍රකාශ විය. පාසල් නිවාසාන්තර මලල ක්‍රිඩා අතරතුර ඇද වැටීමෙන් අවස්ථා දෙකකදී පාසල් සිසුන් දෙදෙනෙකුගේ ජීවිතය ද අහිමි වූ බවක් වාර්තා විය. එක්තරා ගායිකාවක් කියන ගීතයක
යන පද මාලාවට ප්‍රායෝගික අත්වැලක් සපයමින් පාසල් ප්‍රේමය දැදුරු ඔයට පා කර හැරියේ ඔවුන්ගේ හිරිමල් භද්‍ර යෞවනය ද දැදුරු ඔය පතුලේ සඟවමිනි. වත්මන් ගීතය සමාජ සාරධර්මයට අත්වැලක් සපයනවා වෙනුවට පිළිකාවක් වූ අයුරු දැන මා හද සලිත වූයේ නොදැනුවත්ව ම ය.
ගුරු හෙවත් බ්‍රහස්පති විශ්ව කේන්ද්‍රයේ භාග්‍යස්ථානය වූ 09 වැන්න හිමිකරුය. පිරිසිදු ප්‍රඥාව නියෝජනය කරයි. පෙර පිං මහිමය දායාද කරවයි. නෛසර්ගික සුබ ග්‍රහයෙකි. භාග්‍ය හා ප්‍රඥාව නියෝජනය කරන බැවින් පාසල, පන්සල, විශ්වවිද්‍යලය, ආචාර්ය – මහාචාර්යවරු පැවිදි පූජ්‍ය පක්ෂය හා පඬිවරුන් නියෝජනය වන්නේ ගුරුගෙනි. ප්රඥාගෝචර වන අර්ථාන්විත යමක් වේද එය ගුරුගෙන් ලැබුණු දායාදයකි.
ගුරු පුත්රකාරකයා ද වේ. එබැවින් වාසනාවන්ත දූ පුතුන් ලැබීමේ භාග්‍යය හිමි කර දෙන්නේද ගුරු විසින්ම ය. යාන වාහන ගෙවල් දොරවල් ලබා දීම කෙරෙහිද ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා ප්රමුඛ ව ක්‍රියා කරනු ලබයි. පඤ්ච මහා පුරුෂ යෝග අතර ගුරු හංස යෝගයට ද හිමි වන්නේ ප්රමුඛස්ථානයකි. ඒ භාග්‍යස්ථානාධිපති මෙන්ම නෛසර්ගික සුබ ග්රහයෙකු ලෙස ගුරු සුරගුරු යනාදී නම්වලින් ද අබිසෙස් ලැබූ ග්‍රහයෙක් වීම නිසාවෙනි. සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ජන්ම කේන්ද්‍රය පිළිබඳ මනා විග්රහයක යෙදෙන හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ ශූරීන් සඳහන් කරන්නේ ලග්න රාශියේ ගුරු හංස යෝගය යෙදී ඇති බවකි. මීට අමතරව ලෝ සුපතල ප්‍රාඥයන් රැසකගේ ජන්ම පත්‍රවල ද මේ ගුරු හංස යෝගය ප්‍රබල ව යෙදී ඇත. ගුරු හංස යෝගය යෙදෙන්නේ ගුරු ග්‍රහයා කේන්ද්‍රස්ථානයක් හෝ ත්‍රිකෝණස්ථානයක් වූ කටක රාශියේ උච්ච බල ලැබීමත් සමගය.
මේ ගත වන්නේ ද පුත්‍රකාරක ගුරු කටක රාශියේ උච්ච වී හංස යෝගය උදා වී පවතින කාල වකවානුවකි. එවන් යුගයක දරුවන්ට අපල කාලයක් උදා වූයේ කෙසේද? යන්න සොයා බැලිය යුතුය.
පුත්‍රකාරක ගුරු උච්ච වී සිටින බව සැබෑවකි. එහෙත් 2014 දෙසැම්බර් 09 වැනි දින සිට වක්‍රව ගමනක යෙදෙන බව දැක්වේ. වක්‍ර වීම ලෙස අදහස් කරන්නේ ඉදිරියට යන ගමන නවතා දමා පසුපසට ගමන් කිරීමයි. ග්රහයෙකු වක්‍රද වීම සාමාන්‍යයෙන් සිදු වන අතර එය යම් ප්‍රමාණයක සුබ ඵල හීන කිරීමකි. උච්ච වූ ග්‍රහයා වක්‍ර වීම නම් නීච තත්ත්වයට පත් වීමකැයි මූලාශ්‍ර වල සඳහන් වන බැවින් උච්ච ග්‍රහයා වක්‍ර වීම නුසුදුසු යැයි කියයි.
බුධ යනු ග්‍රහ ලොව ඥාතීත්වය අනුව සුරතල් දරුවාය. පුත්‍ර කාරක අයිතිය ගුරුට අමතරව බුධ ග්‍රහයාට ද හිමි වී ඇත. මේ දිනවල බුධ ගමන් කරන්නේ සෙනසුරුට අයත් මකර රාශියේ ය. සතුරු රාශියක් වූ වෘශ්චිකයේ සිටින සෙනසුරු තමා සිටින තැනින් මකරය වූ 03 වැන්න දෘෂ්ඨියෙන් දකින බැවින් බුධගෙන් ද සෙනසුරුට අයත් පාපී ගති ස්වභාවයන් ම මතු කරවනු ඇත. එහි අයහපත වැඩි වන්නේ 2015 ජනවාරි 22 සිට පෙබරවාරි 16 දක්වා කාලය තුළ බුධ ග්‍රහයා ද මකර රාශියේ වක්‍ර ගමනක නිරත වන බැවින් ය.
මේ දිනවල ගුරු හෙවත් බ්‍රහස්පති සිටින තත්ත්වය ද එය ම වේ. එනම් උච්ච බල සහිත ව සිටි ගුරු වක්‍ර වී ඇත. එනම් නීච වී සිටීමකි. උච්ච ගුරුගෙන් වාසනාවන්ත දූ පුතුන් ලබනවා සේම නීච ගුරුගෙන් වාසනාව බල රහිත කරවා අවාසනාව ළඟා කරවනවා ඇත. එක්තරා හෙදියක් විසින් දරුවන් පස් දෙනෙකු වෙනුවෙන් නිකුත් කර තිබූ එන්නක් අවස්ථා පහකදී එකම දරුවාට ලබා දුන් බව නොබෝදා පුවත් පතක තිබෙණු දුටවෙමි. මනා සංයමයකින් රෝගියා වෙත ඖෂධ ලබා දීමේ කාර්යය වෙනුවෙන් ම පුහුණු කරන ලද මෙවැනි හෙදියන්ගේ සිත් අසංවර වූයේ කෙසේදැයි සිතා ගත නොහැකිය. එම ක්‍රියාව අත්වැරදීමක් විය නොහැක්කේ දෙවැනි අවස්ථාව එන්නත ලබා දී නැවත නැවතත් වශයෙන් අවස්ථා පහකදී ම එක ම දරුවාට එකම එන්නත ලබා දීම නිසාය.
දරුවන්ට ම මෙසේ අපල උදා වන්නේ නෛසර්ගික සුබ ග්රහයෙකු වූ ගුරු නීච තත්ත්වයට පත් වීම නිසාය. එ බැවින් තම හොඳ ගති පසෙක තබා නරක/නුගුණ ගති ලක්ෂණ පෙන්වීමට උත්සුක වේ.
ඔබේ ජන්ම කේන්ද්‍රයේ බුධ-ගුරු සිටින රාශිය, දකින/සංයෝග වූ ග්‍රහයන් වැනි බල දුබලතා නිසා ඔබේ ජන්ම පත්‍රයට ගුරු සුබ හෝ අසුබ විය හැකිය. ඇතැම් විට 06 – 08 – 12 රාශියක අධිපතිත්වය හෝ බාධක ග්‍රහයා හෝ 22 දෙර්කාණාධිපතියා වැනි ඉතාම අසුබ ග්‍රහයෙක් විය හැකිය. මේ වැනි තත්ත්වයක සිටි බුධගෙන් හෝ බ්‍රහස්පතිගෙන් කිසිවිටක යහපතක් බලාපොරොත්තු විය නොහැක. සමස්ථ දරු පරපුර අතරින් ප්‍රඥාවේ අවප්‍රමාණ ලක්ෂණ මතු කරමින් හා භාග්‍ය හීන කරවමින් එක්තරා දරු පිරිසකට දුක් කරදර ගෙන දෙන්නට වක්‍ර වී සිටින බුධ සහ ගුරු සමත් වී ඇති බව මැනවින් පැහැදිලිය.
බුධ සහ ගුරු බුද්ධියට හා ප්‍රඥාවට අයිතිකාරයන් ද වේ. එ බැවින් පාසල පන්සල හා විශ්ව විද්‍යාලය නියෝජනය කරන්නේ ද මෙම ග්රහයන්ම වේ. පූජ්‍ය පක්ෂයට, පඬිවරුන්ට ආචාර්ය මහාචාර්යවරුන්ට ගුරු දෙගුරුන්ට හිමිකම් ඇත්තේ ද බුධට සහ ගුරුටය.
මේ දිනවල උගතුන් බුද්ධිමතුන් නොයෙක් ආකාරයේ ගැටළු නිසා නිර්දය ලෙස විවේචනයට ලක් වන අයුරු ද දැකිය හැක. පාසල් ආශ්රිත ව උද්ඝෝෂණ බහුල ව සිදූ වූ අතර ඒවා ද දැඩි උණුසම් තත්ත්වයක් ගත් බව පැහැදිලි විය. භික්ෂූන් වහන්සේලා අතර ද කලාකරුවන් අතරද යම් යම් මත ගැටුම් දක්නට විය. ජ්‍යෝතිෂවේදීන් අතර ද මේ තත්ත්වය ම විය. කෙටියෙන් සඳහන් කළොත් සඟ-වෙද-ගුරු-ගොවි-කම්කරු යන පඤ්ච මහා බල වේගයෙන් සෑම අංශයක ම බුද්ධිමතුන්ට ගැටළු ඇති වූ බව කිව හැකිය. සමාජයේ කැපී පෙනෙන ඉහල තනතුරු නියෝජනය කළ උගත් බුද්ධිමත් බොහෝ පිරිසක් තනතුරුවලින් නෙරපා ගෙදර යවන්නට තරම් මේ වක්‍ර ග්‍රහයන් දෙපල ඉහල පාලක පන්තියේ ඇස් අන්ධ කළේය. ඇතැමුන්ට විරුද්ධ ව බරපතල චෝදනා ගෙන ආ අතර ඒවායින් ඇතැම් චෝදනා පළිගැනීමේ ස්වරූපයෙන් යුතු බව දැකිය හැකි විය.
සෙනසුරු – රාහු – කුජ වැනි මහ දශා අතුරු දශා ගත කරන්නේ නම් ඔබ වඩාත් සැලකිලිමත් වීම වැදගත්ය. මේෂ – වෘශ්චික යන ලග්නයකින් උපත ලබා ඇත්නම් මේ කාලය ඒරාෂ්ටක අපල සහිත කාලයක් බැවින් හදිසි අනතුරු හෝ වෙනත් කරදර ඇතිවීමට කරුණු යෙදිය හැකිය. ඔබේ ජන්ම කේන්ද්‍රයේ චන්ද්‍රයා සිටින රාශියේ සිට ගණන් කර බලන විට එතැනින් 08 වැනි රාශියේ සෙනසුරු ගමන් කරයි නම් එය ද ඒරාෂ්ටක අපල සහිත කාලයකි.
බුධගේ වක්‍ර ගමන 2015 පෙබරවාරි 16 දින වන විට අවසන් වන බව දැක් වේ. එහෙත් 2015 අප්‍රේල් 09 වැනි දා දක්වා ගුරුගේ වක්‍රව ගමන පවතින බව ද කිව යුතුය. මේ නිසා තව දුරටත් උගත් බුද්ධිමත් ප්‍රජාවට මෙන් ම ළාබාල දරු දැරියන්ට ද යම් යම් පීඩාකාරී අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදු වන කාලයක් බව දැනගෙන ක්‍රියා කළ යුතුය. ඔබට/ඔබේ දරුවාට සිත්වේදනා දරාගත නොහැකි නම් ඔවුන්ට පීඩාකාරි උපදෙස් හා අවවාද ලබා දීමේ දී කල්පනාකාරී වන්න. සැම විට ම බුද්ධිමත් ව සිතා කල්පනාකාරීව ක්‍රියා කිරීමෙන් ජීවිතය නිවැරදි ගමන් මාර්ගයේ ගෙන යා හැකි බව සිතා කටයුතු කරන්න.
සම්මා සම්බුදු සරණයි.