ad_here

ස්වර්ණ පිච්ච

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
2015 වර්ෂයේ අවසන් ග්‍රහ යුද්ධයෙන් බුද පරදා සෙනසුරු ජය ලබයි. හදිසි අනතුරු, භූමි කම්පා, වසංගත රෝග බහුල සමයක්….

ලෝකය පුරා යුද ගිනිදැල් ඇවිලෙමින් භීතියෙන් දිවි ගෙවන සමයක් ව ඇත. ග්‍රහ ලෝකයේ ද මෙසේ යුදමය වාතාවරණයක් ඇති වී තිබේ. මෙම අවුරුද්ද පුරාවට සෞරග්‍රහ මණඩලයේ ග්‍රහ යුද්ධ 19ක් සිදු වන අතර මේ වනවිට එයින් 18ක් සිදුවී ඇත. දැන් ඉතිරිව ඇත්තේ අවසන් ග්‍රහ යුද්ධය පමණි. එය සිදු වන්නේ සෙනසුරු ග්‍රහයා හා බුධ ග්‍රහයා අතරය. 2015 නොවැම්බර් 25 දින උදේ 10.28ට සිදුවන මෙම ග්‍රහ යුද්ධයෙන් සතුරු රාශිගතව සිටින සෙනසුරු ජයග්‍රහණය කර චේෂ්ඨා බලය ලබයි.

ගෙවී යන මෙම 2015 වසර පුරාවට පැවති ග්‍රහ යුද්ධ අතරින් 8ක්ම සිදුව ඇත්තේ බුධ සමඟ වන අතර එයින් 5ක් බුධ පරාජයට පත්ව ඇති අතර ජය හිමිවී ඇත්තේ අවස්ථා 3කදී පමණි. සිකුරු ග්‍රහයා ද යුද්ධ 8කට සම්බන්ධ වී ඇති අතර යුද්ධ 7ක්ම පරාජයට පත්ව ඇත. ජය ලබා ඇත්තේ එකක් පමණි. පොදුවේ ගත් කළ බුධ සිකුරු දෙදෙනාම ග්‍රහ යුද්ධ වලින් පරාජය ලබා ඇති කුජ ග්‍රහ යුද්ධ 9න් 7ක් ද , ගුරු 5න් 3ක් ද, නෙප්චූන් 2/3ක් ද, යුරේනස් 1/3 ක් ද වශයෙන් ජය ලබා ඇත. මේ සියල්ල අතරින් වැඩිම ග්‍රහ යුද්ධ ප්‍රමාණයක් ජයගෙන ඇත්තේ කුජ සහ ගුරු විසිනි.

සූර්යයාට වඩාත් ම ආසන්නයේ සිටින බුධ කි.මී 4879.4ක විශ්කම්භයක් සහිතය. විශාලත්වයෙන් 08වැනි තැන දරා ඇත. සෙනසුරුගේ සමකය 12072798_468817756623794_2329144555561986751_n විශ්කම්භය කි. මී. 126536ක් වන අතර විශාලත්වයෙන දෙවැනි තැන රැඳී සිටී. මේ අනුව ඉතා විශාල සහ ඉතා කුඩා ග්‍රහයන් දෙදෙනෙකු අතර සිදුවන මෙම ග්‍රහ යුද්ධයෙන් ශක්තිවන්තයා වන සෙනසුරු ජය ගැනීම රටට ලෝකයට අයහපත් ය. වෘශ්චික රාශියේ දී බුධ සහ සෙනසුරු අතර සිදුවන මෙම වසරේ අවසන් ග්‍රහ යුද්ධයෙන් බුධට වඩා ඉහළින් ගමන් කරන සෙනසුරුගේ ඡායාව බුධට වැටෙන බැවින් අඳුරු සෙවණැල්ලට හසුවන බුධ පරාජයට පත් වන ග්‍රහයා ලෙස නම් දරයි. සෙනසුරුගේ මේ ජයග්‍රහණයත් සමඟ නෛසර්ගික පාපීන් වන කුජ සහ සෙනසුරු ග්‍රහ යුද්ධවලින් වැඩි ජයක් ලබා ඇත. බුධගේ පරාජය තුළින් කුඩා දරුවන්ට තවදුරටත් අයහපත් කාලයක් වීම වැළැක්විය නොහැකි තරම්ය. මෙදින ග්‍රහ යුද්ධය සිදුවන අවස්ථාවේ පවතින තත්කාල කේන්ද්‍රය අනුව ද ඉදිරි අනාගත කටයුතුවල බොහොමයක් අඳුරු ශෝචනීය අවස්ථා බහුලව අසන්නට දකින්නට සිදු වන බව පැහැදිලිය.

මෙම ග්‍රහ තත්වය අනුව විශ්ව කේන්ද්‍රයේ අධිපති රවි ද ග්‍රහ යුද්ධය සිදුවන රාශියේ තැම්පත්ව සිටින අතර මෙම ග්‍රහයන් තිදෙනාම නියෝජනය කරන්නේ සෙනසුරුට අයත් අනුර නැකතයි. අදාළ තත්කාල ලග්නය ද සෙනසුරුට අයත් මකර ලග්නයයි. සෙනසුරු ග්‍රහයා 11 වැන්නේ යුද වදිමින් ලග්න රාශියට දෘෂ්ටි හෙළයි. විද්‍යස්ථානය වූ 5 වැන්නට ද, රෝගස්ථානය වූ 8 වැන්නේ තැම්පත් ගුරුට ද සෙනසුරුගේ දෘෂ්ටිය ලැබේ. කුජ සහ බුධ අතර පරිවර්තන යෝගයක් උදා වී ඇත. කුජ නෛසර්ගික පාපී රාහු සමඟ ද නීච සිකුරු සමඟ ද යෝග වී භාග සන්ථානය වූ 09 වැන්නේ තැම්පත්ව වැය ස්ථානය වූ 12 වැන්නට ද වික්‍රමස්ථානය වූ තෙවැන්නට ද දෘෂ්ටි හෙළයි. 4වැන්නේ තැම්පත් මාතෘකාරක හා චිත්තකාරක චන්ද්‍රයා කෙරෙහි ද කුජගේ අයහපත් දෘෂ්ටිය වැටී ඇත.

කුජ සහ රාහු අතර දුර ප්‍රමාණය අංශක 10ක් පමණ ඉතා ආසන්නය. ගුරු සහ රාහු අතර දුර ප්‍රමාණය අංශක 06ක් පමණ වේ. මෙම ග්‍රහ පිහිටීම් වලින් එතරම් සුභඵල දර්ශනය නොවන බැවින් ඉදිරි මාස කිහිපය අඳුරු/ශෝචනීය මෙන් ම කඳුළු පිරුණු සිදුවීම් රැසක් සහිත කාලයක් බව පැහැදිලිය. මෙම ග්‍රහ පිහිටීම් ස්වභාවය ලංකා කේන්ද්‍රයට එකතු කර බලන කළ පහත පරිදි දැකගත හැකිය.

ලග්නාධිපති සෙනසුරු 10 වැන්නේ සතුරු රාශිගතව ග්‍රහ යුද්ධ ජයග්‍රහණය කරන අතර ලග්න රාශිය දකින්නේ පරාජිත බුධ සහ නීච සිකුරුගේ නැකතක සිටිමින් රවිගේ සහ සෙනසුරුගේ දෘෂ්ටියට ලක්ව රාහුගේ සංයෝගය ලබමින් 07 වැන්නේ තැම්පත්ව සිටින ගුරු යන ග්‍රහයන් දෙදෙනා පමණි.

4555561986751_nඅධ්‍යාපනයට, විද්‍යාවට, පතපොතට, ශාස්ත්‍රයට, දරුවන්ට කාරක අයිතිය ඇති බුධගේ පරාජය සහ විද්‍යාස්ථානය දැකීම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉතාම ඛේදනීය සිදුවීම් රැසක් වාර්තා වන කාලයක් වන ඇත. පාසල් දරුවන් අතර සිත් කම්පා කරවන සිදුවීම් වාර්තා විය හැකිය. විශේෂයෙන්ම වැඩිහිටියන් නිසා දරුවන්ට සිදුවන අකටයුතුකම් හා පීඩාකාරී සිදුවීම් රැසක් සිදුවිය හැකිය. මේ නිසා ඔබ දරුවන් ආරක්ෂා කරගැනීමට ක්‍රියා කළ යුතුය.

දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙන අ.පො.ස. සා/පෙළ විභාගය නිසා ද දරුවන් විශාල කාය චිත්ත පීඩාවකට පත්විය හැකි අතර, ජනවාරි මස ආරම්භ වන නව පාසැල් වාරයට දරුවන් ඇතුළු කර ගැනීමට දෙමාපියන්ට අප්‍රමාණ වෙහෙසක් දැරීමට සිදුවිය හැකිය. විභාග කටයුතු අවසන් වීමෙන් පසුව බොහෝ පාසල් ළමුන් විනෝදය පිණිස විවිධ නොකටයුතු ක්‍රියාකාරකම් වල නිරත වීම පුරුද්දක්ව ඇත. ගංගා ඇළ, දොළ, මුහුද, ආදී ස්ථානවල නාන්නට යාම සහ එවැනි වෙනත් ස්ථානවලට යාම අනතුරුදායක ය. පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ උභතෝකෝටික ප්‍රශ්න රැසක් මතු කරන කාලයක් වන බව නොරහසකි. තව ද උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරන ගුරුට සෙනසුරුගේ හා රවිගේ දෘෂ්ටිය වැටෙන බැවින් ද රාහු සහ ගුරු අංශක 6ක් තරම් ළඟ යෝගව සිටින බැවින් ද විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු දිනෙන් දින උග්‍ර වන බව ද එම ගැටලු පාලනය කිරීම ඉතාම අපහසු විය හැකි බව ද පෙනී යයි. උගත් බුද්ධිමත් ප්‍රජාව අවිචාරවත් ව ක්‍රියා කරන ආකාරයක් දැකිය හැකි අතර ඇතැම් විට අවිචාරවත් ක්‍රියා හමුවේ නිහඬ ව බලා සිටීම හැර වෙන කිසිවක් කිරීමට උගතුන්ට හැකියාවක් නැතිවිය හැකිය.

රෝගස්ථානය වූ 8 වැන්නේ කුජ – රාහු හා නීච සිකුරු යන තිදෙනාගේ සංයෝගය නිසා ද බුධගේ යුධ පරාජය ද නිසා වසංගත රෝග ව්‍යාප්තිය වේගයෙන් සිදු වන අතරවි – පිත් – සෙම් යන තුන් දොස් කෝප වීමෙන් ඇති වන රෝග බහුල වේ. වාතය මගින් සහ කුඩා කෘමි සතුන් මගින් ද ව්‍යාප්ත විය හැකි රෝග බහුල විය හැකි අතර සෞඛ්‍ය අංශ වලට කළමනාකරණය කර ගැනීමට නොහැකි වන අයුරින් මේ තත්වය උග්‍ර විය හැකිය.

හදිසි අනතුරු නිසා ඇතිවිය හැකි විපත් සංඛ්‍යාව තවදුරටත් ඉහළ අගයක් ගනු ඇත. විශේෂයෙන්ම මාර්ග නීති කඩකිරීම හා අසංවර ධාවනය නිසා සිදුවන රිය අනතුරු බහුල වේ. පතල් කැණීම් ආදී කටයුතුවල නිරත වන අය ආරක්ෂාකාරී විම ඉතාම වැදගත්ය.

ශනි සහ රවි 10 වැන්නේ තැම්පත්ව තුන්වැනි දෘෂ්ටියෙන් 12 වැන්නට දෘෂ්ටි හෙලීම නිසා මුහුදු ආශ්‍රිත ධීවර කර්මාන්තවල නිරත වන අයට ද අනතුරු පීඩා ඇතිවිය හැක. තවදුරටත් විග්‍රහ කරන්නේ නම් නාවික ක්ෂේත්‍රයේ බරපතල අනතුරකට ඉඩ ඇති බැවින් සුළිකුණාටු ආදී බරපතල අනතුරකින් නෞකාවලට පවා හානිදායක තත්ත්වයන් ඇති විය හැකිය.

561986751_nග්‍රහ යුද්ධය සිදු වන 10 වැනි රාශිය මගින් පරිපාලන ක්ෂේත්‍රය පිළිබඳව විග්‍රහ කෙරෙන බැවින් මෙම පිහිටීම තුළ එහි ද අර්බුධකාරී තත්ත්වයක් මතුකර පෙන්වන බව කියාපායි. දැනට උග්‍ර වෙමින් පවතින මත ගැටුම් ආදිය තවදුරටත් ඉහළ යන අතර පාලන තන්ත්‍රය අවිචාරවත් විය හැකිය. දිගින් දිගටම මහ ජනතාවගේ කළකිරීම හා කැරළි කෝළාහල ඇතිවීම සඳහා වන පෙළඹවීම් ඉහළ යා හැකිය. සුදුස්සන්ට නිසි තැන අහිමි වීම නිසා ද කාර්යශූර දක්ෂ නිලධාරීන්ගේ කටයුතු ඇගයිමකින් තොරව ඉවත් කර තිබීම නිසා වන කළකිරිම් සහ තවත් හේතු නිසා කළයුතු කටයුතු පිළිබඳව බොහෝ දෙනාගේ අප්‍රසාදය නිසා අතපසුවීම් හා පැහැර හැරිම් දැකිය හැකි වේ. තව ද උග්‍ර වන අර්බුධ හමුවේ කළයුත්තක් හෝ කළහැක්කක් නොමැතිව අසරණ වන නිලධාරීන් නිසා ද පරිපාලන ක්ෂේත්‍රය තුළ අර්බුධ ඇතිවේ. මීට අමතරව ප්‍රඥාව, බුද්ධිය නියෝජනය කරන ගුරු රාහු සමඟ සංයෝග වීම හා සෙනසුරුගේ හා රවිගේ දෘෂ්ටියට ලක්වීම නිසා රටට සමාජයට වැඩදායී පුද්ගලයන් විශාල ප්‍රමාණයකගේ වියෝවක් දැකිය හැකි වේ. මේ අභාග්‍යසම්පන්න සිදුවීම නිසා රටට ජාතියට පිරිමසාලිය නොහැකි පාඩුවක් සිදුවන බව ද කිව යුතුය. උපවාස, වර්ජන ආදිය නිසා ද මෙම පරිපාලන ක්ෂේත්‍රයේ අර්බුද බහුල විය හැකිය.

අයහපත් වූ කාලගුණය නිසා පීඩාවට පත්ව සිටින ජනතාව සහනයක් අපේක්ෂාවෙන් සිටින අවස්ථාවක කබලෙන් ලිපට වැටුණු සෙයින් මෙසේ පැමි‍ණෙන කරදර නිසා මහජනතාව තවදුරටත් පීඩාවට පත්වේ. පෘථිවිකාරක සෙනසුරුගේ ජයග්‍රහණය සහ නොයෙක් ආකාරයේ ස්වභාවික විපත් රැසක් සිදුවන මෙකල නායයාමකට ද ඉඩ ඇත. වි‍ශේෂයෙන්ම වතු ආශ්‍රිත කඳුකර ප්‍රදේශවල නායයාම් අවදානම් ඇති කලාප කෙරෙහි මෙම බලපෑම වැඩි බැවින් අවධානයෙන් කටයුතු කිරීමෙන් අනතුරු නිසා සිදුවිය හැකි හානිය අවම කරගත හැකි වේ. පසුගිය වසරේ සිදු වූ මීරියබැද්ද භූමිකම්පාව නිසා ගමක් විනාස වී ගිය අයුරු නැවත සිහිපත් කරන්නේ මතකය අලුත් කර ගැනීම පිණිස ය. එසේම පාසල් නිවාඩු සමයේ විනෝද සවාරි ලෙසින් නොයෙක් පළාත්වල සංචාරය කරන පිරිසට ද මෙවැනි ආකාරයේ අනතුරක් සිදුවිය හැකි ය. එ බැවින් ද ආරක්ෂිතව විනෝද චාරිකා යාම වැදගත් වන බව දක්වමි. තව ද පංච දුෂ්චරිතයෙන් තොර ව ආගමික චාරිත්‍ර අනුව කියා කිරීම මගින් යහපතක් වන බව පැවසිය යුතුය.

2015 වර්ෂයේ අවසන් ග්‍රහ යුද්ධය මගින් රටට, ජනතාවට සිදුවිය හැකි අපල කරදර බහුලය. සිත්කම්පා කරවන ඛේදනීය සිදුවීමක් පිළිබඳව වර්ෂය අවසන් වීමට ප්‍රථම අසන්නට සිදුවිය හැකි තත්ත්වයක් පෙන්නුම් කරන බැවින් ලොකු කුඩා සැම දෙනාම ආගමානුකූලව, ගුණගරුකව දිවි ගෙවීම වැදගත් වේ. ඉදිරි මාස කීපය උද්ඝෝෂණ, වැඩ වර්ජන, මංකොල්ලකෑම් ආදිය බහුල කාලයක් වන බැවින් ආරක්ෂක අංශවලට ද රාජකාරි බහුල සමයක් වනු ඇත.

බුධ / ශනි මහදශා අතුරු දශා ගත කරන අය ද වෘශ්චික, මේෂ ලග්න හිමියන් වැනි ඒරාෂ්ටක අපල ගත කරන අය ද මිථුන, කන්‍යා, තුලා, මකර ලග්න හිමියන් ද අසුභ ඵල ඇතිවිය හැකි බැවින් ආරක්ෂාකාරීව කටයුතු කිරීම වැදගත්ය. අංගසම්පූර්ණ ලෙස ඖෂධ, ගිලන්පස සහිතව බෝධිපුජා පවත්වා විෂ්ණු, කතරගම දෙවියන්ට පිං අනුමෝදනා කිරීම හා භාරහාර වීම ඉතා වැදගත් වේ.

ශාස්ත්‍රපති / ජ්‍යෝතිෂවේදී
සමන් ශ්‍රී කොඩිතුවක්කු
B.A Sp Hon’s, M.A., ජ්‍යෝතිෂපති)
samansrikodithuwakku@gmail.com