මේ වසරේ ඇතිවන ග්‍රහ යුද්ධ අතරින් 10 වැනි ග්‍රහ යුද්ධය අද පස්වරුවේ සිදුවිය. ඒ ග්‍රහ ලොව සුකොමලිය හා ප්‍රඥාවන්ත සුර ගුරු අතරය. 2015.07.01 දින ප.ව. 01. 22 ට පමණ මෙම ග්‍රහ යුද්ධය සිදු වුණි. කටක රාශියේ උච්චව සිටින ගුරු හෙවත් බ්‍රහස්පති මේ වන විට බුධට අයත් අස්ලිස නැකතේ 04 වැනි පාදයේ ගමන් කරයි. මේ රාශියේ අස්ලිස නැකතේ 04 වැනි පාදයේ ම සිකුරු ද ගෝචර ගමනින් සිටින නිසා දෙදෙනා එකට හමුවිය. මේ නිසා ඇති වූ තත්ත්වය ග්‍රහ යුද්ධයක් ලෙසින් හඳුන්වනු ලබයි. ඉතා විශාල ග්‍රහ වස්තුවක් වන බ්‍රහස්පතී ඉහලින් ගමන් කිරීම නිසා පහලින් ගමන් කළ සිකුරුට එම ඡායාව වැටුණි. මේ නිසා සිකුරු පරාජය වූවා සේ සැළකේ.
මේ අවස්ථාවේ තිබූ ග්‍රහ පිහිටීම පිළිඳව සලකා බැලීමේදී අස්ලිස නැකත 04 පාදයයි. බුධ හෝරාව හා බුධ පඤ්චම හෝරාවයි. හෝරාධිපති බුධ 09 හා 12 අධිපති වී 08 වැන්නේ ගෝචර ව ඇත. සේනාධිපති කුජ හා රාජ්‍ය කාරක රවි බාධක ග්‍රහයා වී බාධක රාශිය දකිමින් 09 වැන්න වූ භාග්‍යස්ථානයේය. සඳු ධනු රාශිය වූ තුන් වැන්නේ වන අතර සෙනසුරු දෙවැන්න වූ වෘශ්චිකයේය. ග්‍රහ යුද්ධය සිදු වූ අවස්ථාවේ උදා වූ තත්කාල ලග්නය වූ තුලාවේ අධිපති සිකුරු 10 වැන්නේ සිටිමින් යුද්ධයෙන් පරාජයට පත්විය. ඒ සඳුගෙන් ද 08 වැන්නේ දීය.
තත්කාල ලග්නය කිසිඳු ග්‍රහයෙකුට පෙනෙන්නේ නැත. තත්කාල ලග්නයේ සිංහාසන යෝගයන් පිහිටා තිබීම ඉතාම යහපත්ය. මේ දක්වා කුඩා දරුවන් කෙරෙහි බලපෑ අයහපත් කාලය මග හැරී යනු ඇත. ග්‍රහ යුද්ධය සිදු වූ 10 වැන්න රාජ්‍ය පාලක පන්තිය නියෝජනය කරන ආණ්ඩුවයි. මේ අනුව පැවති පාලක පන්තිය දෙස ජනතාව ප්‍රඥාව මුසු වූ දෙනෙතකින් බලන්නට පටන් ගනු ඇත. එබැවින් දේශපාලන කටයුතුවල නියැලී සිටින සියලු දෙනා ම බුද්ධිමත් පිරිසක් වෙත ආමන්ත්‍රණය කරන්නට අදිටන් කර ගත යුතුය.
මෙම ග්‍රහ යුද්ධයෙන් ජය ගන්නා ගුරු ඉතාම බලසම්පන්නව පාසල්, විශ්වවිද්‍යාල සහ ආගමික මධ්‍යස්ථාන කෙරෙහි විශේෂ යහපත් වූ බලපෑමක් එල්ල කරනු ඇත. සම්‍යදෘෂ්ටික දෙවිදේවතාවුන්ගේ ඇල්ම බැල්ම ලැබෙන කාලයක් වනු ඇත. උසස් පුණ්‍ය කටයුතුවල නිරත වීම මගින් ඔබගේ අනාගත යහපත් බලාපොරොත්තු මල්ඵල ගැන්වෙනු ඇත.
ශාස්ත්‍රපති /ජ්‍යොතිෂවේදී
සමන් ශ්‍රී කොඩිතුවක්කු (B.A. (sp, Hon’s), M.A.)
samansrikodithuwakku@gmail.com