ඉතාමත් මිල අධික එසේම සපයා ගැනීමට අපහසු දුර්ලභ ඖෂධීය දුව්‍යයක් ලෙස පිළිගැනෙන කස්තුරි සත්‍ය වශයෙන්ම උද්භිද ද්‍රව්‍යයක්ද නැතිනම් පාර්ථිව ද්‍රව්‍යයක්ද එසේත් නොමැතිනම් ජාන්තව ද්‍රව්‍යයක්ද? සමහරුන් “කස්තුරි කහ” යන නමින් හැදින්වීමට පුරුදුව සිටින බැවින් එය තවත් කහ ප්රභේදයක්යැයි හඳුනාගන්නෝද සිටිති. එහෙත් කස්තුරි යනු එවැනි උද්භිද ද්‍රව්‍යයක්වත් පාර්ථිව(ඛණිජ පදාර්ථ) ද්‍රව්‍යයක්වත් නොවන බව පළමුව සඳහන් කල යුත්තේය. එසේ නම් කස්තුරි යනු මොනවාද?
Musk යන ඉංග්‍රීසි නාමයෙන්ද මෘගනාභි, මෘගමද, සහස්රහිත්, කස්තුරිකා සහ වේදමුඛ්යා වැනි සංස්කෘත පර්යාය නාමයන්ගෙන් හඳුනා ගැනෙනා කස්තුරි, Moschus moschiferus නම්වූ සත්ත්ව විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මුව විශේෂයක ශරීරයේ නිපදවන බහිස්රාවී පදාර්ථයක් වන්නේයැයි සරලව පැවසිය හැක. රුසියාව, චීනය, මධ්‍යම ආසියාව, ටිබෙටය, නේපාලය, භූතානය, ඉන්දීයාව වැනිවු රටවලට අයත් මුහුදු මට්ටමෙන් අඩි 8000 කට වඩා වැඩි උසක පිහිටි කඳු බෑවුම් වාසභූමි කරගත් මෙම මුව විශේෂය කස්තුරි මුවා (Musk deer) යන නමින් හඳුන්වන්නේ මේ සුවිශේෂි බහිස්‍රාවි නිශ්පාදනය නිසාවෙනි. සෑම මුව විශේෂයකටම නොමැති විශේෂිත හැකියාවක් වන මෙය එම මුව විශේෂයේ පිරිමි මුවන්ගේ පමණක් කාමෝද්දීපන කාලයේදී(Must period) සිරුරෙන් නිකුත්වන යම් සංයෝගයක් ඝන විමෙන් නිශ්පාදනය වන බව සොයා ගෙන ඇත. කස්තුරි මුවාගේ ශිශ්නාග්ර චර්ම කූපයන්ගෙන් (Perpetual follicles) වහනය වන වෘෂණ ස්රාවය ශුෂ්ක සහ ආර්ද්‍රතා වාෂ්පීභූත ඝන පදාර්ථයක් බවට පත්වීමෙන් මෙම සංයෝගය නිපදවන බව විද්‍යාත්මකව සොයා ගෙන ඇත. මෙම පදාර්ථ එක් රැස්වී ඇත්තේ පිරිමි කස්තුරි මුවාගේ නාභිය සමිපයේ පිහිට අඟල් 1 ½ ක් පමණ විශ්කම්භයකින් යුක්ත අණ්ඩාකාර කෝෂයක් තුලය. එය මතුපිට මෘදු කලාවකින් වැසී ඇත. ඇතුලත සම කේන්ද්‍රිකව පිහිටි ශ්වේත දෘඪ රෝමයන්ගෙන් යුත් කුඩා ජිද්රයක් ඇත්තේය. මෙම කෝෂාභ්යන්තරයේ රක්තාභ කෘෂ්ණ ග්රන්ථිමය උග්‍ර ගන්ධ පදාර්ථය වන කස්තුරි තැන්පත්ව තිබේ. මෙය නොදැන බොහො පිරිස් කස්තුරි මුවන් සහ මුව දෙනන් මරා දමන්නේ කස්තුරි ලබා ගැනිමේ අරමුණෙනි. එයින් වන්නේ කස්තුරි මුවන්ගේ ගහණය අවාසන්වන්ත ලෙස පහල බැසීමයි. කස්තුරි සහිත කොෂය ලබා ගැනීමට මුවන් අල්වා ගත යුතු අතර එසඳහා පහසුම මාර්ගය වී ඇත්තේ මුවන් මරා දැමීමයි. නමුත් වර්තමානයේ චීනය විසින් කස්තුරි මුවන් මරා දැමිමකින් තොරව මෙම කස්තුරි කෝෂ වෙන් කර ගැනිමේ ක්‍රමයක් භාවිතා කරණ බවද මෙහිදි සඳහන් කල යුතුය. එසේ නොමැති වුවත් කස්තුරි මුවන්ගේ කාමෝද්දීපන කාලය අවසන් වීමත් සමගම මෙම පිරිමි මුවන් තම කුර වලින් අදාල ග්‍රන්ථිය කඩා දමනු ලැබේ. නැවතත් ඊලඟ වසරේ අදාල සමය එළඹෙන විටදී නව කෝෂයක් වර්ධනය වේ. එබැවින් මෙම කස්තුරි මුවන් අදාල කාල සිමාවේදී රැදී සිටින ස්ථාන නිරික්ෂණය කිරිමෙන්ද අදාල කස්තුරි කෝෂ සොයා ගත හැක. අවාසනාවකට එහෙත් බහුලවම භාවිතා කරන්නේ එම ක්‍රමවේදය නොවේ. ස්වාභාවිකවම උග්‍ර ගන්ධයකින් යුක්තව නිපදවෙන මෙම පදාර්ථය ආයුර්වේද ප්රතිකාරයේදීත් එසේම සුවඳ විළවුන් කාර්මාන්තයේදීත් ඉතා වැදගත් අත්‍යාවශ්‍ය සංඝටකයක් වන බැවින් වැඩි ආර්ථික වාසි අපේක්ෂාවෙන් වැඩි වැඩියෙන් කස්තුරි මුවන්ගේ දිවි තොර කිරීම සිදුවේ. එක් කස්තුරි මුවකුගෙන් ලබා ගත හැකි කස්තුරි ප්‍රමාණය ඉතා අල්ප වේ. සාපේක්ෂ වශයෙන් කස්තුරි කතියක්(රාත්තල් 1 1/3) ලබා ගැනීමට කස්තුරි මුවන් විසි දෙදෙනෙකුගේ වත් කෝෂ ලබා ගත යුතු බව පැවසේ. එයින්ම මෙම අමුද්‍රව්‍යයේ ඇති දුර්ලභ බවත් එමගින් ඇතිවන වාණිජ වටිනාකමත් තේරුම් ගත හැකි වනු ඇත.
කස්තුරි සංරක්ෂණය
ඉහල වෙළඳ වටිනාකමක් ඇති කස්තුරි වල වටිනාකම අධිනිශ්චය වන්නේ එහි අන්තර්ගත සුගන්ධයේ ප්‍රමාණය මතයි. එබැවින් එම ගුණය සුරැකිව තබා ගැනීමට නිශ්පාදකයො වගබලා ගනිති. ඒ සඳහා කස්තුරි ගබඩා කොට තබා ගැනීමට සුවිශේෂි ක්‍රමයක් අනුගමනය කරනු ලබයි. කස්තුරි සහිත කෝෂය(නාභ්යණ්ඩය) ඉවත් කර ගත් පසු අප්‍රමාදව වාතයෙන් හා අව්වෙන් වියලා ගැනීම ඉතාමත් යෝග්‍යම ක්‍රමය වේ. හොඳින් වියළුණු කස්තුරි වායු නිරෝධක භාජනයක ඇසිරීම ඉන්පසු කරණු ලබයි. මෙය කස්තුරි වල තීක්ෂ්ණ සුගන්ධවාහී ගුණය රැකගැනීමට අත්‍යාවශ්‍ය පියවරකි. මේ සඳහා සුවිශේෂි අරසුරණයක්ද ඇත. ඉතා තුනී ඊයම් පත්‍ර ඇතිරූ ලී පෙට්ටි තුල ඇසිරීම කරයි. කස්තුරි කෝෂ අසුරන්නේ තනි තනි කෝෂ වශයෙනි. එම කෝෂ වෙන වෙනම කුඩා සම් පසුම්බි වල ඇසීරීම කරයි.පසුම්බිය ඇතුලත මුව රෝමයන්ගෙන් පුරවා ඒතුල කෝෂය තැන්පත් කිරීම කරණු ලබයි. කස්තුරි ගබඩා කර තබා ගන්නේ මේ ක්රමයටය.
කස්තුරි සොයා ගැනීමට ඇති අපහසුතාවය නිසාම වාණිජ වශයෙන් කෘතිම කස්තුරි නිපදවීමට ලොව ප්‍රකට බොහෝ සුවඳ විලවුන් නිශ්පාදකයින් කටයුතු කරමින් සිටිති. ස්වාභාවික කස්තුරි වල සුගන්ධයට සමාන සුගන්ධයකින් යුතුව කෘතිම කස්තුරි නිපදහැකි වුවත් ඒවා ඖෂධ සඳහා යොදා ගත නොහැක. නමුත් සුවඳ විළවුන් නිශ්පාදනයේදි දැන් බහුලව භාවිතා කෙරේන්නේ කෘතිම කස්තුරිය. එසේ වුවත් ආයුර්වේද ඖෂධ නිශ්පාදනයේදී නියම පිරිසිඳු ස්වාභාවික කස්තුරිම පමණක් භාවිතා කිරීමට තවමත් සිදුව ඇත්තේ ස්වාභාවික කස්තුරි වල ඇති ඖෂධීය ගුණ කෘතිම කස්තුරි වලට නොමැති කමයි.
පුරාණ ආයුර්වේද ග්රන්ථ වල කස්තුරි ප්‍රභේද තුනක් දක්වා ඇත. භාවප්‍රකාශය නම් ආයුර්වේද ග්‍රන්ථයේ කාමරූප(ඇසෑම්), නේපාල හා කාශ්මීර ලෙස කස්තුරි ප්‍රභේද තුනක් දක්වා ඇත. එයින් ඇසෑම් කස්තුරි සෙසු වර්ග දෙකටම වඩා ශ්‍රේෂ්ඨ බව දක්වා ඇත. එසේම සුගන්ධවත් බවත් කෘෂ්ණාභය බවත් දක්වා ඇත. නේපාල කස්තුරි ගුණයෙන් මධ්‍යම බව දක්වයි. කාෂ්මිර කස්තුරි ගුණයෙන් අන් දෙකටම වඩා ගුණ අඩු බව පිළිගැනීමයි.
දූෂීත කස්තුරි, උතුම් කස්තුරි සහ කස්තුරි හඳුනා ගැනීම
අධික වාණිජ වටිනාකමත්, සපයා ගැනිමේ දුෂ්කරතාවයත් නිසා කස්තුරි සැදීමේදී කස්තුරි මුවාගේ වියලි ලේ කොටස්, අක්මා කොටස් ආදිය බෝංචි, තිරිඟු, යව වැනි ධාන්‍ය වල පිටි සමගත් ශුද්ධ කස්තුරි යම් පුමාණයක් මිශ්‍ර කර වෙළඳපොලට නිකුත්කරන බව දැන ගන්නට තිබේ. කස්තුරි වල පවත්නා ආවේනික සුගන්ධය සම්මිශ්ර වූ පදාර්ථ වලටද උරාගනු ලබන හෙයින් මිශ්‍ර කස්තුරි ගන්ධයෙන් අමිශ්‍ර කස්තුරි වලින් වෙන්කර ගැනීම දුෂ්කරය. නමුත් අමිශ්‍ර උතුම් කස්තුරි මෘදු ස්පර්ෂයෙන් යුක්ත බව පිළිගත් මතයයි. කටු හා තික්ත ආස්වාදයෙන් යුක්ත බව සඳහන්ය. එසේම සුගන්ධවාහිය. අමිශ්‍ර කස්තුරි සහ මිශ්‍ර කස්තුරි වෙන් කර හදුනා ගැනීමට ප්‍රායෝගික ක්‍රම කීපයක් භාවිතා කෙරේ.
1. කස්තුරි දියට දැමූ විට ග්රන්ථිල ස්වභාවයක් හෙවත් කැට ස්වභාවය නොවෙනස්ව පවති නම් ඒවා අමිශ්‍රය.
2. ගිනි අඟුරකට දැමු විට දියවී බුබුළු නැගේ නම් අමිශ්‍රය. පවිතුය නැතිනම් එක්වරම තදවී අඟුරු බවට පරිනත වේ නම් ඒවා මිශ්‍ර කස්තුරිය එසේම දුෂිතය.
3. අමිශ්‍ර කස්තුරි වැලලු විටදී පවා ගන්ධයෙහි වෙනසක් ඇති නොවේ.
4. අමිශ්‍ර කස්තුරි මෘදු ස්පර්ශයෙන් යුක්ත බව පෙර සඳහන් කල අතර මිශ්‍ර කස්තුරි එසේ නොවේ. දෘඪ ස්පර්ෂයෙන් යුක්තය.
5. පෙරුම්කායම් කොතරම් දුර්ගන්ධවත්ද යන්න අප කවුරුත් දන්නෙමු. පිරිසිදු නූලක් පෙරුම්කායම් තුලින් යවා අනතුරුව කස්තුරි කෝෂය තුලින් තුලින් යැවිමෙන් පසුවද පෙරුම්කායම් ගන්ධය නොවෙනස්ව පවති නම් ඒ කස්තුරි මිශ්රය. ශුද්ධ කස්තුරි වලදි එසේ නොවේ.
6. අත්ලය ජලය ටිකක් දමා එයට කස්තුරි ස්වල්පයක් දමා සුළු වේලාවක් පසුව අත්ලේ ජලය රක්ත වර්ණ හෝ පීත වර්ණ වේද ඒ කස්තුරි දූෂීතය. නැතිනම් කෘතිමය. පිරිසිදු අමිශ්‍ර ක්සතුරි දියවන්නේ සුරා සාරයෙහි පමණක් බව දක්වා ඇත.
සත්ත්ව ලෝකයේත් උද්භිද ලෝකයේත් කස්තුරි වලට අමතරව එවැනිම ගන්ධවාහි පදාර්ථ යුක්ත විශේෂ හමුවී ඇත. නමුත් ඒවා ඖෂධ ලෙස භාවිතා කරන්නේ නැති තරම්ය. එහෙත් එම අවස්ථාද සුවිශේෂි බැවින් ඒ විශේෂ පිළිබඳවද දැන සිටිම ප්රයෝජනවත්ය.
- The Gazelle
- Antilopedorcus
- The marten
- Mustela foina යන සත්ත්ව විශේෂ වල මල වලද
- The Alpine goat
- Cappa Ibex යන සතුන්ගේ රක්තයෙහිද කස්තුරි හා සමාන ගන්ධයක් වහනය වේ.
- Ovibos moschatus
- The zebu
- The pecari
- Dicotyles torquqtus
- Anas moschata
- Crocadilus valgaris
- Viverra civetta
-
උද්භිද වර්ග
- Hibiscus abelmoschus linn
- Rosa moschata
- Hyssopus officinalis·
- Cestrum nosturnum
- The maxican wonder flower
- Mirabilis
- Longiflora යන උද්භිද වලින් කස්තුරි වලට සමාන ගන්ධයක් වහනය වේ.