ad_here

ස්වර්ණ පිච්ච

ඔබේ දිවියට ජ්‍යෝතිෂය…..

Sri Lanka Government Ayurveda Panchakarma Hospital

Consultants
Subscribe with WEDASA
Email *
 
අශ්වගන්ධා නොහොත් අමුක්කරා

ASHWAGANDA PLANT.අෂ්ඨාංග ආයුර්වේදය යටතේ අයුර්වේදයට පමණක් අනන්‍ය වූ ඉතා වැදගත් අංශ දෙකක් දක්වා ඇත. රසායන (Rejuvenation) වාජිකරණ (Aphrodisiacs) යනුවෙන් හඳුන්වා ඇති එම අංශ දෙකෙහි ඇති සුවිශේෂිතාවය වන්නේ එම අංශ දෙක තුල කථාකරනා එසේම ස්පර්ෂ කරනා ක්ෂේත්‍රය,  නොනිමි ලෞකික ආශාවන්ගෙන් යුක්තව ජීවිත් වන්නාවු මිනිසාට ඉතාම සමීප එසේම වැදගත් ක්ෂේත්‍ර වන නිසාවෙනි. නමුත් අප මේ ලිපියෙන් කථා කරනුයේ ඒ සම්බන්ධව නොව එහෙත් එම මාතෘකා සමග බොහෝ විට කියැවෙනා ඖෂධ ද්‍රව්‍යයක් වන සකු බසින් අශ්වගන්ධා යනුවෙන්ද හෙළ බසින් අමුක්කරා යනුවෙන්ද හැඳින්වෙන ඖෂධ ශාකය ගැනය. බොහෝ දෙනා රසායන වාජිකරණ ඖෂධ ලෙස දැන සිටින්නේ අශ්වගන්ධා යන ඖෂධ නාමය සඳහන් ඖෂධයන් පමණි. අශ්වගන්ධා වලට අමතරව රසායන වාජිකරණ ගුණ යුත්ත ඖෂධ ද්‍රව්‍ය රාශියක් ඇති බව බොහෝ දෙනා නොදන්නවා සේම   අශ්වගන්ධා යනු හුදු රසායන වාජිකරණ ගුණ පමණක් ඇති ඖෂධ ද්‍රව්‍යයක් නොවන බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. අශ්වගන්ධා/අමුක්කරා ඖෂධය ගැන සමාජයේ බොහෝ දෙනා තුල ගොඩනැගි ඇත්තේ අසම්පූර්ණ ප්‍රතිරූපයක් වන අතර එය සමහර අවස්ථා වලදී නිවැරදිද නොවේ. එම නිසා මෙම ලිපියෙන් අශ්වගන්ධා/අමුක්කරා ඖෂධීය ශාකය ගැනත් එහි ආයුර්වේදීය ගුණ කර්ම ගැනත් අවබෝධයක් ලබා දීමට අපේක්ෂා කරන්නෙමු.

අශ්වගන්ධාwithania somnifera(L) Gunal / physilis somnifera L. යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන එසේම කන්ඨකාරී(SOLANASEAE) කුලයට අයත් වන මෙම ශාකය අස්ගොඳු යන සිංහල නාමයෙන්ද හඳුන්වයි. Indian ginseng, poison gooseberry, winter cherry යන ඉංග්‍රිසි නාමයන්ගෙන්ද හඳුන්වන මෙම ශාකය ද්‍රවිඩ භාෂාවෙන් හඳුන්වන්නේ පිල්ලි අංගා, අමුක්කීරම්, අමුතුලංගා, අමුක්කරා යන නම් වලිනි. අශ්වගන්ධා යන නම පැමිණ තිබෙන්නේ මෙම ශ‍ාකයේ අල නැතිනම් අමු මුල් පොඩි කල විට අශ්ව මුත්‍රා වල ගන්ධයට සමාන ගන්ධයක් ඇති කරනා නිසාවෙන් යැයි අදහසක් ඇත. සකු බසින් එම නාමයට අමතරව පර්යාය නාම රාශියක් අශ්වගන්ධා ගෘකය හැඳින්වීමට යොදා ගෙන ඇත. ඒ අතරින් සෘක්ෂගන්ධා, තුලාංහණ, වර්ගකාරී, ප්‍රියකාරී, ශ්‍යාමලා, අවරෝහිකා වාතඝනී, බලජා වාජිනී, අශ්වාරෝහිකා, තුරඟගන්ධා, කුෂ්ඨගන්ධ, වර්ගාත්‍රකරී, කුෂ්ඨගන්ධිනී, ගන්ධපත්‍රී,පාලපර්ණි, අශ්නක්ධිකා, අශ්වාරෝහ, අශ්වකන්ධිකා, බල්‍යා, තුරඟී, වරාහකර්ණ, වාරිගන්ධා වැනි පර්යාය නාම වැඩිපුර භාවිතා වේ.

වියලි දේශගුණික කලාප වල බහුලව සහ පහසුවෙන් වැවෙනා මෙම ශාකය ශ්‍රී ලංකාවේද වියලි කලාපිය කැලෑ ආශිත ප්‍රදේශවල පහසුවෙන් සොයා ගත හැකි ශාකයකි. උතුරු ඉන්දියාව, පාකිස්ථානයේ උතුරු ප්‍රදේශ වල සේම අරාබි රටවල සහ අප්‍රිකානු වියලි ප්‍රදේශ වලද මෙම ශාකය බහුල වශයෙන් ව්‍යාප්තව ඇත. පඳුරු ශාකයක් වන අමුක්කරා ශාකය උපරිම වශයෙන් මීටර් එකක් පමණ උසට වැඩෙන ක‍ඳ කොටසෙහි දැඩි බූව ඇති අර්ධ කාෂ්ඨීය ශාකයකි.  අතු බෙදේ. අණ්ඩාකාර පත්‍ර ඇත. පත්‍ර වල යටි පැත්තේ සිහින් තාරකාකාර බූවක් ඇත.මල් පිපෙනා විට වේගයෙන් විශාල වී උපරිම සෙන්ටිමීටර 1-2 පමණ වේ. ‍පුෂ්ප කොළ පැහැයට හුරු ලා අළු පැහැයක් ගනී. රතු පැහැ ඵලයක් ඇතිවේ. ප්‍රභේද වශයෙන් ගත් විට වන්‍ය(වනගත) සහ නාගෞරී(ග්‍රාමීය) යනුවෙන් ප්‍රභේද දෙකකි.  බොහෝ දුරට ඖෂධ සංස්කරණයේදී භාවිතයට ගන්නේ අමු අල හෝ මුල් කොටස්ය.ච්‍රර්න සඳහා පමණක් වියලාගත් අල හෝ මුල් භාවිතා කෙරේ. මීට අමතරව ශාකය සහමුලින්ම ගන්නා යෝගද සුළු වශයෙන් ඇත.

ASHWAGANDA ROOTSචරක සංහිතා, සුශ්‍රැත සංහිතා වැනි මූලග්‍රන්ථ තුලත් ද්‍රව්‍ය ගුණ නිගණ්ඩු වලත් මෙම ශාකයේ ගුණකර්‍ම ගැන විස්තර දක්වා ඇත්තේ හුදු රසායන වාජීකරණ ගුණ යුක්ත ද්‍රව්‍යක් ලෙස පමණක් නොවේ. අමුක්කරා මුලික වශයෙන් මධුර, තික්ත, කෂාය රසයන්ගෙන් යුක්තය. ලඝු සහ ස්නිග්ධ ගුණ වලින් යුක්තය. උෂ්ණ වීර්යය සහ මධුර විපාකයෙන් යුක්තය. මෙම නිසා කඵවාත ශාමක ද්‍රව්‍යයක් ලෙස දක්වයි. විශේෂතාවය වන්නේ අමුක්කරා වල ප්‍රභාව වන්නේ රසායන වාජිකරණ ශක්තියයි. නමුත් රසායන වාජිකරණ ද්‍රව්‍යයක් ලෙස පමණක් හඳුන්වනවාට වඩා ශෝථහර (ඉදිමුම් නසන), වේදනාවන් නැතිකරන, මුත්‍රජනන, ‍ශුක්‍රධාතුව ශෝධනය කරන, කාසහර, ශ්වාසහර, කුෂ්ඨ නසන, කාන්තිය වර්ධනය කරනා, ශරීර වීර්යය බලය ශක්තිය ඇතිකරන, මස්තිශ්ක ශාමක, දීපන, අනුලොමන, වෘංහන සහ කෘමිඝ්න ආදි ගුණ රාහියක් කැටිවූ ද්‍රව්‍යයක් ලෙස දැක්වීම වඩාත් සාධාරණය. මෙම ගුණ ඇතියෙන් ඉහත තත්ත්වයන් හි සිටිනා රෝගීන්ට අමුක්කරා යුතු සංස්කාරිත ඖෂධ සහ විවිධ කෂාය එලට අමුක්කරා එක්කර රෝග සමනය සඳහා ‍ප්‍රයොග කරනු ලැබේ. විශේෂයෙන් අමුක්කරා වල මේධ්‍ය ගුණය සහ නිද්‍රාජනක ගුණයද ඇත.

ආයුර්වේද සංස්කාරිත ඖෂධ අතර අමුක්කරා ප්‍රධානව අඩංගු වන සංස්කාරිත ඖෂධ(අරිෂ්ට, ඝෘත, චූර්ණ, ආසව, ලේහ, රසායන සහ තෛල) රාශියක් ඇත. මේවායේ මුලික ද්‍රව්‍ය වන්නේ අමුක්කරාය. බොහෝ දෙනා නොදැනුවත් කම නිසා අශ්වගන්ධා/අමුක්කරා රසායන වාජීකරණ ද්‍රව්‍යක් ලෙස පමණක් සැලකීමට පුරුදුව සිටියත් බොහෝ රෝග අවස්ථා වලදී අවස්ථානූකූලව පළපුරුදු සහ දක්ෂා වෛද්‍යවරයා අශ්වගන්ධා අඩංගු ඖෂධ රෝග ශාන්තිය සඳහා නිර්දේශ කරයි.